(නාලක සංජීව දහනායක)
අයවැය ඡන්ද විමසීමේදී පරාජයට පත්වූ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සහ අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයන්ට අදාළ වැය ශීර්ෂයන් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට අද (28) පැවැසීය.
එම අමාත්‍යංශ සඳහා මුදල් ලබා ගැනීමට නම් අයවැය ඡන්ද විමසීමෙන් පසුව පාර්ලිමේන්තුවට පරිපූර්ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර සම්මත කරගත යුතු බවද මන්ත‍්‍රීවරයා කීය.
එක්සත් ජාතික පක්‍ෂයෙන් අනාගත ජනාධිපති සිහින දකින ප‍්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අමාත්‍යංශ වැය ශීර්ෂයන් පරාජය කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ද විපක්‍ෂයට සහය දැක්වූ බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ හෙළ කරුමයට. පළාත් සභාවෙත් ඔය ටිකම උනා.....හරිනම් පාඨලී සහ වජිර ඉල්ලා අස්විය යුතුයි... අපි බලමුකෝ
අනේ පව්. අර චම්පිකගේ සිහින ඔක්කොම බොඳ උනා. යුඑන්පි එකෙන් ජනාධිපති අපේක්ෂකයා වෙන්න හිටියේ
බලයේ ඉන්නකොට අවනීතිය රජකරවපු එවුන් දැන් නීතිය ගැන කතාකරනවා .. අපි කියනවා නැවත වරක් වැය ශීර්ෂය පාර්ලිමේන්තුවට ගෙනෙන්න කියා .
චානක ලොස් ඇන්ජලිස්, ඔයාට ඕන විදිහට නෙවෙයි වැය ශීර්ෂය ගේන්නේ. පාර්ලිමේන්තුවේ නීති ක්‍රමයක් තියෙනවානම් ඒ විදිහටයි. ඔය විදිහටම පුලුවන්නම් අර්ජුන් මහේන්ද්‍රන්වත් ගෙන්න ගන්න බලන්න.
පරාජයට පත් වූ අමාත්‍යංශවල වැයශීර්ෂ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සංශෝධන සහිතව නැවත සම්මත කරගැනීමට කටයුතු කරනවැයි කියල අගමැතිතුමා කියන්නෙ? හිටපු මුදල් ඇමැතිවරයකු මොනවද මේ කියවන්නෙ?
පුලුවන්. එයා දන්න අය වැය.
අනේ නිකන් ඉන්න මහත්තයා. ඔය තරම් බොරු කියන්න එපා පොළව පලාගෙන යයි. ඔය මොන මොනවත් සංශෝධන සහිතව නැවත සම්මත කර ගන්නට පුළුවන්නේ... හැබැයි ඉතින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කැඳවා ගැනීමේ වගකීම බාර ආණ්ඩු පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු එන්නේ නැති දවසක තමයි ඒ වැඩේ කරන්න වෙන්නේ. නැත්තන් ඉතින් එදාටත් අවශ්‍ය තරම් මන්ත්‍රීවරුන් ගෙන්වාගන්න එකක් නැහැ...
සිරිමල්, සංශෝධන සහිතව කාරක සභා අවස්ථාවේදී තුන්වර කියෙව්වාටත් පසුව තමා ඔය පරාද වුනේ. එතකොට ආයේ සංශෝධන සහිතව ගෙනෙන්නේ හතරවන අවස්ථාවේ විාවාදයටද? මන්ත්‍රීවරයා කියන දේ හරි. පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනත් සම්මත කර ගන්න කිසිම බාධාවක් නැහැ. ඔය බිලියන ගණන් සම්මත කර ගන්නේ අපූරුවට.
මේක බැරිවුණාට 4 දෙනෙකු සිටින පවුලකට රුපියල් දෙදහස් පන්සියයකින් මාසයක් කන්න බොන්න පුලුවන් නේද ඇදුරුතුමා...?