IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘‘ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තිබෙන නිසා ඕනම කෙනෙකුට දේශපාලකයන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්‘‘

(ආරියරත්න රණබාහු)

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර තිබෙන නිසා ඕනෑම අයෙකුට ඕනෑම දේශපාලකයෙකුගෙන් බය නැතුව ප්‍රශ්න කළ හැකි  යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) කෝට්ටේදී පැවසීය.

කිසිවෙකු ප්‍රශ්න මතු කළ පමණින් තමා තරහ ගන්නේ හෝ බනින්නේ නැතැයිද කි අගමැතිවරයා සුදු වෑන් යොදවා ඔවුන් ඩැහැගෙන යන්නේ නැතැයිද කීය.

අගමැතිවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි සොබාසිරි රිෂෙප්ෂන් හෝටලයේ පැවැති සිංහ සමාජ හා ලියෝ සමාජ ක්‍රියාකාරීන්ගේ හමුවේදීය.

අගමැතිවරයා මෙසේද කීය

‘‘අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිසන් සභා ඇති කළා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා.මැතිවරණ කොමිසම ස්වාධීනව ක්‍රියා කරනවා අණ්ඩුවේ අයටත් මැතිවරණ සමයේ කිසි දෙයක් බෙදන්න බැහැ ඉස්සර ආණ්ඩුවේ අය බෙදුවා දැන් අපි නීතියට අනුව වැඩ කරන සමාජයක් ඇති කර තිබෙනවා.

යුත්තිය රජකරන සමාජයක් බිහිකර තිබෙනවා. විනිවිදභාවයක් තියෙනවා. තොරතුරු දනැ ගැනීමේ පනත අනුව ආණ්ඩුව කටයුතු කරන ආකාරයෙන් විමසා දැන ගන්න  පුළුවන්" යැයිද පැවසීය.

මෙහිදී සිංහ සමාජයේ සහ ලියෝ සමාජ ක්‍රියාකාරීන් අගමැතිවරයාගෙන් සමාජ, ආර්ථික, දේශපාලන, අධ්‍යාපන ප්‍රශ්න 21 ක් විමසු අතර අගමැතිවරයා ඒ සෑම ප්‍රශ්නයකටම දීර්ඝ පිළිතුරු ලබා දුන්නේය.

විදෙස් අධ්‍යාපනය ලද තරුණ පිරිසක් මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් අගමැතිවරයා වෙත ප්‍රශ්න යොමු කළ අතර අගමැතිවරයා ඔවුන් අගය කරමින් පිළිතුරු දුන්නේය.

විදුලි බල හා බලශක්ති ඇමැති රවී කරුණානායක කොළඹ දිස්ත්‍රික්  මන්ත්‍රී එස්.එම් මරික්කාර් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.



අදහස් (18)

‘‘ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තිබෙන නිසා ඕනම කෙනෙකුට දේශපාලකයන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්‘‘

sirimal Sunday, 20 October 2019 05:03 PM

"මල්ලිගේ මාධ්‍යයෙන් කොළපාට ගහක්වත් පෙන්වන්නේ නැහැ" කියලා කතාවක් පැතිරෙනවා. එම මාධ්‍ය ආයතනයට "සජිත්ට කිසිම සහයෝගයක් දෙන්න එපා" කියලා උපදෙස් දීල‍ා තියෙන්නේ ඔබතුමා මයි කියලයි කියන්නේ. අජිත් පෙරේරා "අගමැතිකම රනිල්ට දෙන්නේ නැහැ" කියලා කියන්නේ ඔබතුමා සජිත්ට කකුල් මාට්ටු දාන නිසාලු. ඇත්තද මේ කියන්නේ?...

:       466       335

TD Sunday, 20 October 2019 05:57 PM

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර තිබෙන නිසා ඕනෑම අයෙකුට ඕනෑම දේශපාලකයෙකුගෙන් බය නැතුව ප්‍රශ්න කළ හැකි බව සත්‍යය. නමුත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ප්‍රයෝජනයට ගනිමින් දුෂිතයන් විසින් කරගෙනු යන ලබන මඩ ප්‍රචාර වහාම නැවත්වීමට රජය ඉක්මනින්ම ක්‍රියා කලයුතුය.

:       14       43

chandima Sunday, 20 October 2019 06:37 PM

ඒකනේ ඔබතුමා මෙච්චර පැරදී පැරදිත් තවම දේශපාලනේ ඉන්නේ. අනික දැන් කාගෙවත් ප්‍රජා අයිතිය අහෝසි කරලා ඡන්ද දිනන්න බලන්නේ නැහැ.

:       92       137

Raveendra Sunday, 20 October 2019 10:16 PM

අම්මපා.... හා ඉතින් කියන්නකො ඔයාගෙ අහිසාර කොහු අබ යාළුවා වන "අර්ජුනය" එක්ක එකතුවෙලා මහා බැංකුවෙන් හොරකම් කල ඒ අපේ මුදල් ප්‍රමාණය කියාද කියල ?? මේ ප්‍රශ්නය අහන්නේ දේශපාලනයේ කෙල පැමිණියාය කියන රනිල් නමැති දේශපාලුවාගෙනි. එබැවින් එම දේශපාලුවාගේ යුතුකම සහ වගකීම නුගත් පුරවැසියකු විසින් අසන ලද ඉහත පැනයට ඍජුවම පිළිතුරු දීමය.

:       107       212

විනිවිද Sunday, 20 October 2019 11:07 PM

සජිත් ප්‍රේමදාස පොදු අපේක්ෂකයා සෑම කතාවකදීම තරුණ තරුණියන්ගේ අනාගතය ගැන කතා කළත් ඉදිරියේදී "BMICH" වැනි ආයතනයකට ලංකාවේ සෑම පළාතකම අවරණය වන පරිදි තරුණ තරුණියන් වෙනුවෙන්ම ඔහු සමග " A question- and-answer session " සංවාදයක් පැවැත්වීමට අවස්ථාව ලබාදිය යුතුය. "සෑම පළාතකින්ම පැමිණීමට නොහැකි නම් අන්තර්ජාලය මගින් සම්බන්ධ කළ යුතුයි" "මොඩරේටර්" කෙනෙකු අවශ්‍ය නොමැත. සජිත් ප්‍රේමදාසටම එම කටයුත්ත කරගත හැක. ලෝකයේ දියුණු රටවල මෙන් නායකයන් මෙන් ආරක්ෂකයන් සමග පැමිණ ඉතාම ප්‍රයෝජනවත්, අර්ථවත් වැඩසටහනක් පැවැත්විය හැකිය. මෙමගින් තරුණ තරුණියන් සමග මනා සම්බන්ධතාවයක් ඔහුට ගොඩනගා ගත හැකිය.

:       84       19

Sunil Monday, 21 October 2019 12:38 AM

ප්‍රශ්න කරන්න? අපි බලන් ඉන්නේ ගෙදර යවන්න.

:       72       106

Bamunuarachchi Monday, 21 October 2019 01:08 AM

ප්‍රශ්න කරන්න නම් පුළුවන්... ප්‍රශ්නෙට අදාළ පිළිතුර නොලැබෙන එකයි මතුවන ප්‍රශනය... නැතිනම් මතක නැහැ කියන එකයි ලැබෙන උත්තරය...

:       77       110

Dilan Monday, 21 October 2019 01:13 AM

ප්‍රශ්න කරන්න විතරයි පුළුවන්. උත්තර නෑ.

:       13       88

mp Monday, 21 October 2019 01:31 AM

ප්‍රශ්න කළාට වැඩක් තියෙනවද? ඒකෙන් ප්‍රතිඵල නැත්තන්... උදාහරණයට මහබැංකු කොල්ලය ගැන කොච්චර ප්‍රශ්න කළාද? කෝ ප්‍රතිඵල? සුජීව සේනසිංහ කිව්ව නේද කිසිම හොරකමක් වෙලා නැහැ කියලා?

:       63       103

BamunuarachchiMonday, 21 October 2019 08:23 AM

හොරෙක් කියයිද හොරකමේ විස්තර?

:       0       73

Sanka Monday, 21 October 2019 02:22 AM

කොහොම වුණත් පක්ෂයේ නායකත්වය දැන් රට දිනන සජිත්ට දීලා විශ්‍රාම වයසේ ඉන්න ඔබතුමා දැන් ගෙදර ගියා නම් හොඳයි. එතකොට අලුත් සංකල්පයකින් තරුණ නායකයන් සමග රට කරගෙන යයි.

:       634       522

BamunuarachchiMonday, 21 October 2019 08:22 AM

සජිත්වත් එක්කරගෙන ගෙදර යන්න. සජිත් දිනනවා කියන්නේ රට තවත් ප්‍රපාතයට. සජිත් දිනුවොත් සුද්දගේ "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කීම" සනානතයි. සජිත් මොන දේශපාලන දැනුමක් තිබෙන කෙනෙක්ද? සජිත් වගේ කෙනෙක් අපේ රටේ ජනාධිපති කියලා අපේ ළමයි කියන්නේ නැහැ. ඇසුවොත් කියාවි අනේ දන්නේ නැහැ කියලා.

:       0       19

dinesh Monday, 21 October 2019 05:06 AM

ඔබ තුමා රටට කරපු සේවාව කියා නිම කල නොහැක.

:       11       61

Bandara Monday, 21 October 2019 06:12 AM

Dinesh, ඔයා ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න

:       8       68

lion Monday, 21 October 2019 09:54 AM

මේ මනුස්සයා තමන්ගේ නම ගහපු පාරක්, ගොඩනැගිල්ලක් තියෙනවා නම් කියන්න පුලුවන්ද? මිනිහා දේශපාලනේ අවුරුදු 50ට වැඩිය ඉඳලා තියෙනවා. 3 සැරයක් පමණ අගමැති වෙලා තියෙනවා.

:       57       0

chandima Monday, 21 October 2019 10:20 AM

ඇත්ත, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තිබෙන නිසා බැංකු හොරෙකුට වුනත් එ්ක කරන්න පුළුවන්...

:       0       0

සේන Monday, 21 October 2019 10:59 AM

ප්‍රජාතන්ත්‍රවාදෙයි, රටේ දියුණුවයි එක වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31339 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 959 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site