(අංජුල මහික වීරරත්න)
ජනාධිපති බලයට ආවරණය වී ප්‍රජාතන්ත්‍රවාදය යට ගහන්නට තවදුරටත් කටයුතු කළහොත් ලබන සතියේදී ජනාධිපති කාර්යාලය,ජනාධිපති නිල නිවස සහ ජනාධිපති මන්දිරය වටලන බව එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී අද (22) පැවැසීය.
තවදුරටත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ලෙස ක්‍රියා කරනවානම් ප්‍රජාතන්ත්‍රවාදය අගයන මහා ජන ගඟක් ගෙනැවිත් ප්‍රශ්නය විසඳා ගන්නට සූදානම් බවද මන්ත්‍රීවරයා කීය.
කොළඹ අරලිය ගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
COMMENTS
කවදත් අැත්ත කථා කරනවයි කියන රංජන් කියලා තියෙන විදිහට ඔයාල නඩුව දිනුමිනේ. එතකොට එතන කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් නඩුව අහන්නත් කලින් තීන්දුව එළියට අැවිත්..... මන් නමි දන්නෙ මෙචිචරයි ඹබලාට වඩා සෙනගක් ඉන්නවා විරුද්ධව. එත් දැන් නමි උසාව්ය ගැන යු.එන්.පි. මන්ත්‍රීන් කරන පුකාශ නිසා පහල ඉදන් අාපු අගවිනිසුරුවරයා යුක්තියට පහින් ගැහැවුවාවත්ද ..? කමක් නැහැ බලමු .
දවල්ද? කරන්ට පුළුවන් දෙයක් කීවානම් හොඳ නේද.
රන්ජන් දැන්න්මම උසාවි තීන්දුව ගැන කියනවා එතකොට ඔය කියන ප්‍රජන්ත්‍රවදයට මොකද වෙන්නේ ?
අවුරුදු 3 ක් ප්‍රාදේශීය සභා ඡන්ද නොතියා කල් දැම්මා, අවුරුද්දක් පළාත්සභා ඡන්දෙ කල්දමලා, ඡන්දෙන් පැරදුනු 10 කට විතර ඇමතිකම් දුන්නා, ආසන 42 ක් තිබුණු පක්ෂයට අගමැතිකම දුන්නා, රජයේම ඉන්න කොටසකට විපක්ෂ නායකකම දුන්න. එතකොට මෙය මොන ලෝකෙද හිටියේ ?
අපි අහල තියෙනවා ජරමර අස්සේ බර කරත්තත් පාරට එනවා කියල. වැඩේ කියන්නෙ, බර කරත්ත නිකම් එනවය. ඒවායේ බැඳපු ගොන්නුත් එක්කනේ එන්නෙ.
බොහොම හොඳයි. කාලෙකින් නාලා නැතිනම් සබන් කෑල්ලකුත් අරගෙනම ගිහින් වටලන්න. ජල තුවක්කු වලින් නාලම එන්න පුළුවනි.
කතා කර කර කාලය නස්තිකරන්න එපා. මේ අවස්ථාවේ නිවාස වටකරන්න....
මේගොල්ලන්ව මෙහෙම කියන තත්වයට ගෙනාවේ එජාපෙ. මට එජාපෙ එපාවෙන්න එක හේතුවක් ඒක.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීම වෙනුවෙන් ඔබට මගේ ආශීර්වාදය ..
මෙන්න දැන් ලොක්කො. වැඩිය දගලන පොඩි එවුන්ට වෙන දේ පොඩි එවුන් දන්නේ නෑනේ......
ජනතාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කල්දමා , නුඹලාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති වෙනුවෙන් මොරදීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ .
මොන ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ද? “අපි වෙනුවෙන් අපි“ මිසක.
ඉස්සර සිරිපාදේ යන සමනල් රෑන් මතක් වෙනවා.