IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන තුරු ජනබල මෙහෙයුමට එන ජනතාව යන්නේ නෑ’

අංජුල මහික වීරරත්න
 
ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලාගෙන ජනබල මෙහෙයුමෙන් ලබන සඳුදා (17) කොළඹට එන ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන තුරු නැවත ගම් රටවලට නොයන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනබල මෙහෙයුමෙන් ලක්ෂ ගණනින් කොළඹට එන ජනතාව ඔක්තෝබර 26 වැනිදාට පෙර තිබූ තත්ත්වයට නැවත රට පත්කරන තුරු කොළඹින් නොයන බව කී හරීන් ප්‍රනාන්දු මහතා ජනබල මෙහෙයුම යනු නොනවතින අරගලයක් බවද කීය.

ජනාධිපති සිරිසේන මහතා හැසිරෙන ආකාරය දිගින් දිගටම අත්තනෝමතික ඒකාධිපති ස්වරූපකට පරිවර්තනය වී ඇති හෙයින් නැති පුද්ගලයකුට රට වනසන්නට ඉඩ දෙන්නට හැකියාවක් නැති බව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු රටවැසියන්ගේ අදහස වී තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹට එන රටේ ලක්ෂ ගණනක් වන බහුතර ජනතාව ජනාධිපතිවරයා උත්තර දෙන තුරු නැවත ගම්බිම් බලා නොයනු ඇතැයි ද හරීන් ප්‍රනාන්දු  මහතා කීය.

එක්සත් ජාතික පෙරමුණට අමතරව පක්ෂ පාට නැති ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ පොදු අරමුණ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ම පෙළ ගැසී සිටින බව කී හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයා රටේ බහුතර ජනතාවකට උත්තර බැඳීමට සූදානම් වී සිටිනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද පැවසීය.
 



අදහස් (0)

‘ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන තුරු ජනබල මෙහෙයුමට එන ජනතාව යන්නේ නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site