
(නිමල කොඩිතුවක්කු)
රට ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙන යාම සඳහා 20 වැනි සංශෝධනයෙන් ඇතිකළ ඒකාධිපති බලතල වහා ඉවත් කිරීම ඇතුළු යෝජනාවලියක් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ඉදිරිපත් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය.
ඉතිහාසයේ නොවූ විරූ අභියෝග රැසකට රට මුහුණ දෙමින් සිටින බැවින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු දෙනා එක්ව සමගියෙන් මෙම අභියෝග ජය ගත යුතුව ඇතැයි ද ජයසූරිය මහතා සඳහන් කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා තවදුරටත් මෙසේ ද කීය.
"අපේ රටේ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මුහුණ නොදුන් මහා ව්‍යසනයක් අභියස සිටින බව සියලුදෙනා තේරුම්ගෙන ඇති කරුණකි. රටට ආදරය කරන ජාතික නායකයින් ඇතුළු සැමදෙන බුද්ධිමත්ව දුරදිග බලා, සමගි සම්පන්නව ක්‍රියාකලහොත් මේ සියලු අභියෝගවලට විසදුම් සොයා ගතහැකි බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප දැඩිව විශ්වාස කරනවා.
20 වැනි සංශෝධනය තුළින් මුලු රටේම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණු ආකාරයත්, ජනගහනයෙන් 82% පමණ ජනතාව පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී අනුමත නොකළ බව සමීක්ෂණවලින් පෙනීගිය බව මීට පෙර අපි සදහන් කළා. ජනාධිපතිතුමාට උපදෙස් දෙන උත්තරීතර සංඝ සභාව නියෝජනය කරන මාහිමිපාණන් පවා මෙවැනි දැඩි පනතක් බලාපොරොත්තු නොවූ බව අපහට කීප අවස්ථාවල්වල දන්වා තිබෙනවා.
සමීක්ෂණ කණ්ඩායම සැප්තැම්බර් මස කළ අධ්‍යනයේදී 20 වැනි සංශෝධනය අනුමත නොකරන සංඛ්‍යාව 94% දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා කරඇත. මහජනතාව දරණ මතය නම් 20 වැනි සංශෝධනය හා 2/3 බලයත්, සහල් මිල පාලනය සදහා ගැසට් 8ක් හා සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය සදහන් මිල පාලන ක්‍රියාත්මක කලත් ඒ සියලු උත්සාහයන් බලරහිත වූ බව තේරුම්ගෙන ඇති හෙයිනි එහෙයින් ජනාධිපතිතුමා ඉතා ඉක්මනින් 20 වැනි සංශෝධනයෙන් ඇති වූ අසාධාරණය නිවැරදි කරනු ඇතැයි යන්න ජනතා බලාපොරොත්තුවයි" යැයිද එහි සදහන් වේ.
COMMENTS
මම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තදින් ප්‍රතික්ෂේප කරමි.මක් නිසාදයත් එමගින් ඒකාධිපතියෙකු බිහි කරන බැවිනි .අද සමාජයේ මතුව තිබෙන ප්‍රශ්න වලට සෘජුව සහ වක්‍රව විසිවෙනි සංශෝධනය බලපා ඇති බව මනාව පැහැදිලි වේ .මෙය ගෙන එන වෙලාවේ අප දැක්වූ විරෝධතාවය අද යථාර්ථයක් බවට පත් වී තිබේ .අකාර්යක්ෂමතාවය රජයන ජන සමාජය නිර්මාණය වීමට මෙම පනත හේතු වී ඇති බව පැහැදිලිය.
ප්‍රදීප්, යහපාලන කාලේ කොහෙද දන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බේ.
යහපාලනය කාලේට වඩා දැන් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. ඒකෙන් කට්ටිය අයුතු ප්‍රයෝජන ගන්නවා. අපිට නම් 20 අවුලක් නැහැ. 19 තිබුණා නම් කැඳහැලියක් වගේ තුබුණු ආණ්ඩුව නිසා ගොඩ දෙනෙක් මැරිලා... 19ට වඩා 20 හොඳයි..
අපේ රට ශක්තිමත් ව සහ සශ්‍රීක ව තිබුණේ රජවරුන් රට පාළනය කරන කාලයේ ය. ජනාධිපති බලතළ අඩුකොට එහෙට මෙහෙට ඇද ඇද ඉන්න පාළනයකින් කිසිම සෙතක් රටට බලාපොරොත්තු විය නොහැක. අවශ්‍ය ව ඇත්තේ රජාගේ බලතල අඩු කිරීම නොව හැම විටම ජනයා විසින් නිවැරදි රජෙකු පත්කර ගැනීම ය.
එතකොට 13 තියන්නද කියන්නේ?
20 හොඳයි. 19 කාලේ අපි දැක්කනෙ ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙ ගලනවා