IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පරිගණක බිඳවැටේ ලයිසන් පමා වෙයි

(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණික නියෝජිත ආයතනය පරිපාලනය කරන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය වරින් වර බිඳ වැටීම නිසා පසුගිය අගෝස්තු මස 12 වැනිදා සිට මේ මස 31 වැනිදා දක්වා කාලය තුළ කල්ඉකුත් වන බස්නාහිර පළාතේ වාහන සඳහා ලබන නොවැම්බර් මස 30 වැනිදා දින දක්වා දඩ අයකිරීමෙන් තොර සහන කාලයක් ලබාදෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

පරිගණක පද්ධතියේ ධාරිතාව ඉක්මවා යෑමෙන් වරින් වර බිඳ වැටීම නිසා අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් ඇති බවත් පරිගණක පද්ධතිය සක්‍රීය සෑම අවස්ථාවකදීම අදායම් බලපත්‍ර නිකුත් කරන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

පරිගණක පද්ධතිය යථා තත්වයට පත්කරන තෙක් ජනතාව අපහසුතාවට පත්වීම වැලැක්වීම සඳහා මෙම සහන කාලය ලබාදුන් බවත් පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.

 



අදහස් (3)

පරිගණක බිඳවැටේ ලයිසන් පමා වෙයි

wicky Saturday, 09 October 2021 08:10 AM

පරිඝණක පද්ධති නම් කොහොමත් බිඳ වැටෙනවා. එහෙම වුණාට... එ්කෙන් තමන්ගේ පාරිභෝගිකයින්ට කරදරයක් නොවෙන්න කටයුතු කරන එක තමයි වෙන්න ඕනෑ ඉතින්... එක්කෝ බැකප් සර්විස් තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් මැනුවල් විදියට හරි ඕක කරන්න පුලුවන් වෙන්න එපැයි ඉතින්...

:       0       8

Jayantha Saturday, 09 October 2021 10:09 AM

ඉස්සර වගේ අතින් ලියලා දීලා පස්සේ අප්ඩේට් කර ගත්තා නම් ඉවරයිනේ. මිනිස්සු පව්. මට කොරෝනා හැදුණේත් ඔය පෝළිමක ඉඳලා. මීටරෙන් ඉන්න බෑ. අනිත් අය ළඟටමයි එන්නේ... ඉස්සරහින් ඉඩ තියාගත්තොත් මැදට එකෙක් පනිනවා...

:       0       13

Dilshan Saturday, 09 October 2021 12:33 PM

සර් ආපු කාලේ බලන්න ඕනේ, ලයිසන් කන්තෝරුවට පැනලා, සිස්ටම් එකක් හදනවා කියලා දුන්න ආතල් එක.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site