(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණික නියෝජිත ආයතනය පරිපාලනය කරන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය වරින් වර බිඳ වැටීම නිසා පසුගිය අගෝස්තු මස 12 වැනිදා සිට මේ මස 31 වැනිදා දක්වා කාලය තුළ කල්ඉකුත් වන බස්නාහිර පළාතේ වාහන සඳහා ලබන නොවැම්බර් මස 30 වැනිදා දින දක්වා දඩ අයකිරීමෙන් තොර සහන කාලයක් ලබාදෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

පරිගණක පද්ධතියේ ධාරිතාව ඉක්මවා යෑමෙන් වරින් වර බිඳ වැටීම නිසා අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් ඇති බවත් පරිගණක පද්ධතිය සක්‍රීය සෑම අවස්ථාවකදීම අදායම් බලපත්‍ර නිකුත් කරන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

පරිගණක පද්ධතිය යථා තත්වයට පත්කරන තෙක් ජනතාව අපහසුතාවට පත්වීම වැලැක්වීම සඳහා මෙම සහන කාලය ලබාදුන් බවත් පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.