IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාරක් හදා දෙන්නැයි ගැමියෝ පාරට

(අජිත්ලාල් ශාන්තඋදය සහ  ජයන්ත නානායක්කාර)

රුපියල් කෝටියක වියදමින් කොන්ක්‍රීට් කිරිමට යොජිත කොළොන්න, ඇරැපෝරුව, උඩවළකඩ හරහා බෝගස්තැන්න පාරේ වැඩ නිමකර දෙන්නැයි ඉල්ලමින් අද ( 18)  බෝගස්තැන්න හන්දියේ මහජන උද්ගෝෂණයක් පැවැත්විණි .

කොන්ක්‍රීට් නොකර මාස අටක් තිස්සේ පාර මට්ටම්කර කොන්ත්‍රාත්කරු පලාගොස් ඇතැයි විරෝධතාවට එක්ව සිටිය අය පැවසූහ.

පාරේ මුලු දුර කිලෝමීටර් තුන හමාරකි. කුඩා  ළමයින්, වැඩිහිටියන්, තරුණ ප්‍රජාව සහ ගැබිනි කාන්තාවන් විරෝධතාවට එක්ව සිටියහ. විරෝධතා පාඨ ලියූ පුවරු ද ඔවුන් අත විය.

මට්ටම් කරන ලද පාර වැස්සට සේදීයාම නිසා තැනින් තැන කාණු හැදී වළවල් ද, ගොඩැලිද තිබෙන බව විරෝධතාකරුවෝ කීහ.

ඒ්  නිසා ත්‍රීරෝද රථයකටවත් පාරේ යා නොහැකි බව කීහ. එබැවින් ගමේ අයට පයින් පවා යා නොහැකි ලෙස පාර අබලන්ව ඇති පෙන්වා දුන්හ.

පාසල් පටන්ගත් පසු  ඇරෑපෝරුව, උඩවළකඩ, බෝගස්තැන්න ගම්වල දරුවන්ට කිලෝමීටර් තුනක් තුන හමාරක් පයින් පාසල්වලට එන්නට සිදුවන බව ද විරෝධතාකරුවෝ කීහ. එබැවින් පාර කොන්ක්‍රීට්කර ඉක්මනින් වැඩ නිමකර දෙන ලෙස උපදෙස් දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද, උද්ඝෝෂකයෝ කීහ.

 



අදහස් (0)

පාරක් හදා දෙන්නැයි ගැමියෝ පාරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site