හේමලතා ඩී හේවගේ
පන්නල කපුවත්ත ප්‍රදේශයේ පියකු ඝාතනය කළැයි ඔහුගේ 35 හැවිරිදි පුතා සැකපිට අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි.
තියුණු ආයුධයකින් හිසට පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ ගල්ගමුවගේ එඩ්වඩ් විජේපාල නමැති 62 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා කුලී වැඩ කරමින් නිවසේ තනිව ජිවත්ව ඇති අතර ඔහුගේ බිරිඳ වසර ගණනාවකට ඉහතදී ඔහුව හැර ගොස් ඇති බවත් සැකකාර පුතා ද විවාහ වී වෙනත් ප්‍රදේශයක ජිවත්ව සිටි.
සැකකාර පුතා බීමත්ව පැමිණ මියගිය පුද්ගලයාගෙන් එම ඉඩමෙන් ඉවත් වන ලෙස ඉල්ලා රණ්ඩු කර ඇති අතර එම සිද්ධිය දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේත් අජාසත්තල හිටිය. මේ නුතන අජාසත්ත කෙනෙක්. අම්මප මුන්ටත් ඉර පායනවනේ ?