(යොහාන් භාසුර)

ඇසළ පුර පසළොස්වක පෝය දිනය වන අද (23) පෙවරුවේ කැලණි රජමහා විහාරස්ථා භූමිය තුළ බැතිමතුන් විශාල පිරිසක් කිසිඳු සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රවේදයක් අනුගමනය නොකරමින් වන්දනා කරන ආකාරය දැකගත හැකිවිය.

කැලණි රජමහා විහාරස්ථානට විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණ සිටි අතර ඔවුන්ගේ වැඩි පිරිසක් සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත්වලට අවනත නොවූ ආකාරය දැකගත හැකිවිය.

කැලණි රජමහා විහාරස්ථාන භූමිය තුළ මල් ඇතුළු පූජා භාණ්ඩ අළෙවිකරන පුද්ගලයන්ගෙන් බොහෝ දෙකනු ද සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත්ට අවනත වන බවක් නොපෙනුණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)