
අමාත්‍යංශය තුළ වැඩ කරන විට සමහර වෙලාවට තාත්තෙක්වගේ අමිහිරදේ කරන්න වෙයි. ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියා විඳදරා ගනිමින් සහයෝගයෙක් කටයුතු කළ යුතු යැයි නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද සිය තනතුරේ වැඩ බාරගනිමින් පැවැසීය.
සිය ධූරයේ වැඩ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
මේක ලොකු අමාරු කාර්යක්. අමාත්‍යවරයකු නොවේ සහායකයකු හැටියටයි මා වැඩ කරන්නේ. මෙහිදි සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන අවබෝධයක් තියෙනවා. ඔවුන්ගේ ප්‍රමුකත්වය අපේ ප්‍රමුඛත්වය විය යුතුයි. මෙම කටයුත්තේදී සියලු මහජන නියෝජතයන්ගේ සහාය අවශ්‍ය වනවා.
මෙම අවසථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු පිරිසක් ද එක් වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)













COMMENTS
ආ... ඔය කියන්නේ...! කවද්ද මේ අය මිහිරි දේවල් කළේ කියලා තමයි අපිට අහන්න වෙන්නේ... කට්ටියම අමුඩ තද කරගෙන බලාගෙන ඉඳලා...
දැන් ඉතින් රට සට සට ගාලා දියුණු වෙලා එයි. දුප්පත් මිනිහාටත් ලක්ෂ ගාණක් සල්ලි ලැබෙන්න වැඩකටයුතු වෙයි.
සෙට් එකම එකට එකතු වෙලා. සෞභාග්‍යයේ දැක්ම..
මේ ඉන්නේ රට කාපු රංචුවක්නේ...
තාත්තලාට අපහාස කරන්ඩ එපා. තාත්තලා කියන්නේ මොන අමාරුකම් ආවත් දරුවෝ දාලා රට පනින ජාතියක් නෙමේ... දරුවන්ගේ තියන සොච්චමත් කඩාවඩා ගන්න ජාතියකුත් නෙමෙයි...
දැන් සර් ෆේල් බව තවත් වරක් ඔප්පු වුණා...
පියෙක් කියන උතුම්ම වදනටත් නින්දා කළ මොලේ අමාරුකාරයෙක්. පියවරු කවමදාකවත් දරුවන්ට අමිහිරි දේවල් දෙන්නේ නැහැ... අම්මලා වගේ දුක, වේදනාව හමුවේ කඳුළු නොසැලුවත්, පියවරුන් ඒ දුක වේදනාව හදින් දරාගෙන තමන්ට හැකි උපරිමයෙන් දරුවන්ට "මිහිරි" දේවල්ම ලබාදෙමින් සිතෙන් සතුටු වෙනවා. හොඳ පියවරු දරුවන්ගේ බත්පත හොරා කෑවේ නැහැ. අනුන්ගේ වස්තුව කොල්ලකාලා දරුවන්ට නින්දා කලේ නැහැ.
ආර්ථිකය නැංවීම සඳහා අපට අවශ්‍ය වන්නේ නිෂ්පාදනය ඉහළ දැමීමයි. එනම් රටට අවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රමාණවත් තරම් නිෂ්පාදනය කිරීමත්, දේශීය නිෂ්පාදන විදේශ වෙළෙඳපොළ සඳහා යොමු කිරීමත්ය.
බැසිල්, ඇලඩින්ගේ පුදුම පහන අරන් ආවාද? දැන් ලංකාව දියුණු කරන්න මැජික් බලය ඕනෑ වෙයි.
තමන්ගේ දුරාචාර දේශපාලන අරමුණු අරමුණු සඳහා ආගම ජාතිය සංස්කෘතිය යොදාගැනීම යොදා ගැනීම පිළිකුල් සහගතයි...!!!
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදි...
තාත්තාගෙන් දඬුවම් ලබන්නට ලෑස්ති වෙලා හිටපල්ලා දරුවනේ...!!!
(පිම්) පියෙක් ලෙස කියා නිවැරදි කරන ලදී...