
අමාත්‍යංශය තුළ වැඩ කරන විට සමහර වෙලාවට තාත්තෙක්වගේ අමිහිරදේ කරන්න වෙයි. ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියා විඳදරා ගනිමින් සහයෝගයෙක් කටයුතු කළ යුතු යැයි නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද සිය තනතුරේ වැඩ බාරගනිමින් පැවැසීය.
සිය ධූරයේ වැඩ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
මේක ලොකු අමාරු කාර්යක්. අමාත්‍යවරයකු නොවේ සහායකයකු හැටියටයි මා වැඩ කරන්නේ. මෙහිදි සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන අවබෝධයක් තියෙනවා. ඔවුන්ගේ ප්‍රමුකත්වය අපේ ප්‍රමුඛත්වය විය යුතුයි. මෙම කටයුත්තේදී සියලු මහජන නියෝජතයන්ගේ සහාය අවශ්‍ය වනවා.
මෙම අවසථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු පිරිසක් ද එක් වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)














COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.