රොමේෂ් මධුෂංඛ
එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව එළඹෙන වසරේ (2019) පෙබරවාරි 4 වැනි දාට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ යාපනයේ පිහිටි සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ නිල නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා මෙසේ පැවසීය.
“2015 අගෝස්තුවල ඉඳලම යහපාලන ආණ්ඩුවට එකතුවෙන්න කියලා දෙමළ සන්ධානයට ආරාධනා ලැබුණා. එක් වතාවක් ජනාධිපතිවරයාම කිව්වා ඇයි ඔයාලා එකතු වෙන්නේ නැත්තේ කියලා. මට පෞද්ගලිකව ආරාධනා ලැබුණේ නෑ. හැබැයි ආණ්ඩුවට එක්වෙලා ඇමැතිකම් බාරගන්න කියලා අපේ සන්ධානයට යෝජනා ආවා. නමුත්, දෙමළ ජනතාවගේ ගැටලුවට ජාතික විසඳුමක් ලබාදෙනතුරු කිසිම ආණ්ඩුවකට එකතුවෙන්න අපේ කිසිම සූදානමක් නෑ.
‘අපිත් ජනතා විමුක්ති පෙරමුණත් එකතුවෙලා තමයි නව ව්‍යවස්ථාවට අදාළ අතුරු කමිටු වාර්තාව ගෙන ආවේ. එහි උතුරු නැගෙනහිර පළාත් එකතු වෙන්න ඕන කියලා අපි සටහන් කරලා තියෙනවා.
මහජන එක්සත් පෙරමුණ විතරයි ඒකට අකමැති වුණේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එයට අදහසක් දැක්වුවේ නැහැ ඔවුන් කිව්වේ දැනට එය නොවිය යුතු දෙයක් කියලා පළාත් ඒකාබද්ධ වෙනවනම් එහෙම එකතු වෙන්න පුළුවන් නමුත් එහෙම එකතු වෙන්න ජනමත විචාරණයකට යා යුතුයි කියලා එම වාර්තාවේ සටහන් කරලා තියෙනවා එම කරුණට ජනතා විමුක්ති පෙරමුණ එකඟයි.
COMMENTS
සුමන්දිරන් ඔය කාගේ සහයෝගයෙන් මොන කෙටුම්පත් ගෙනාවත් රටට, ජාතියට, ආගමට හානිකර හෝ රටේ කිසිම පළාතකට වෙනම පාලනයකට නැතිනම් වෙනම ප්‍රාන්ත පාලනයකට කිසිම ඉඩක් නැහැ. එසේ ඉඩක් දෙන්න හැදුවොත් එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ විතරක් නෙවේ. ඔහෙලගේත් උන්හිටි තැන අහිමි වන බව හොඳින් මතක තියාගෙන ඉදිරි කටයුතු කරන්න කියලා බොහොම කරුණාවෙන් කියන්න කැමතියි. 30 වසරක කුරිරු යුද්ධයක් දිවි පුදා රටේ හමුදාව නිමා කලේ ඔහෙලටවත් වෙන කාටවත් ඕනේ විදිහට නටන්න නෙවේ. එ්ක හොඳින් මතක තියාගන්න.
ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන හින්දා කරන දෙයක් ඉක්මන් කරන එක හොඳයි වගේ...
පුදුම සද්දයක් නේ දාන්නේ. 2009 ට ඉස්සෙල්ලා වසුරු පිටකලෙත් දුව දුව හැංගි හැංගි. දැන් නිකන් එළු රැවුල බානවා වගේ..
ලක්ෂ 62 මී කුලයේ අයට නම් පුදුම සතුටක් ඇති...
මේ ගොල්ලෝ ඔය මොන කෙටුම්පත ගෙනාවත් එයින් වැඩක් වෙන්නේ නැහැ.පාර්ලිමේන්තුවේ ඉන්න 225 වන මිගවයන් කකුල් දෙකම උස්සලා ඡන්දය දුන්නත් එය වලන්ගුවෙන්නේ " ජනමත විචාරණයකින් "ජය ලැබුවොත් පමණයි කියලයි මට හිතෙන්නේ.මොකද මේ පනත 12% වන ද්‍රවිඩ ජනතාවට විතරක් බලපාන දෙයක් නොවෙයි. එය 80% ටත් වැඩිය රටේ සිටින සිංහල ජනතාවටත් බලපානවා.පනත් කෙටුම්පත ඉදිරිපත්කලාට පස්සේ මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කළහොත් අනිවාර්යෙන්ම අවසන් තීරණය වෙන්නේ ජනමත විචාරණයයි. එකම ශ්‍රි ලංකික ජාතියක්ලෙස එකට එක්වී වැඩ කොට රට දියුණුවට පත්කිරීමට කැමති අය වැඩි වුණොත් මේ පනත ඉතිහාසයේ කුණු බක්කියට යනවා.එසේ නොවී දේශපාලුවන්ගේ බොරු පොරොන්දු වලට රැවටී, අරක්කු බෝතලේට, බත් මුලට,සාරියට, රුපියල් 1000 ට බහුතරයක් රට වැසියා තමන්ගේ වටිනා චන්දය පාවා දුන්නොත් එදාට අපේ රටේ අවසානය උදාවේවි.
ගෙන්නකෝ මහත්තයෝ ඕක
ඔව්, ඉතින් එළාර මහ රජ්ජුරුවෝ අපේම නායකයෙක් වෙලා ඉපදිලා තියෙන නිසා ඔව්වා කරන්න බැරිවෙන එකක් නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ අය මේ රටට ආදරය කරුණාව ඇති අය නොවෙයි. ඊළඟ මැතිවරණවලදී මේ පක්ෂ දෙකට අන්ත පරාජයක් අත්කරදිය යුතුයි. මේ මොහොතේ කෑලි කඩන්න හදන අපේ රට බේරාගන්න පරම්පරාගත සිංහළ බෞද්ධ එක්සත් ජාතික පාක්ෂකයින් ඔබලාගේ ප්‍රතිපත්තිය වෙනස්කර මාතෘභූමියේ ඒකීයභාවය ආරක්ෂා කරගන්න අදිටන් කළ යුතු නොවේද?
අනේ ඉතින් අපේම මෝඩයෝ ටිකක් අල්ලාගෙන දවල් හීන දකිනවා. නැවතත් ත්‍රස්තවාදය පතුරවලා මිනිසුන් කොටවලා සාක්කු පුරවාගන්න නම් අදහස ඒවාට ඔය කාටකාටත්... දෙවියනේ සාපය වෙලාවට ලැබේවි...!!!