(ජයන්ත සමරකෝන්)
දිවයිනේ කතෝලික දේවස්ථාන හා හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් 293දෙනෙකු වෙනුවෙන් එක් පුද්ගලයකුට රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදලක් ලබාදීම අද(22) සිට ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද එම අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මීට අමතරව මිය ගිය අය සඳහා අමතර තවත් මූල්‍යාධාර ලබාදීමට කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකායක් ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා කීය.
සිද්ධීන්ගෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති 502දෙනෙකු සඳහා එහිදී මුදලක් ලබාදීමටද තවත් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

COMMENTS
වන්දි දීපුවාම හරියයි ජාතියෙන් සමාව ඉල්ලන්න. දැනගෙන හංගන් මිනිසුන් මැරුවට හිතන් ඉන්නෙ වන්දියක් දුන්නම ඔක්කොම හරි කියලද? ඕගොල්ලෝ ගත්තෙ හොද ආරක්ෂිත රටක් දැන් ඒක විනාශ කලා.
ගාන හදපු සූත්‍රය ඡන්දෙට ගිය මුදල බෙදීම, ලැබුණු ඡන්ද ගණන වැඩි කිරීම මියගිය ගණනද?
සල්ලි වලින් මිනිස් ජීවිතය මනින්න පුලුවන්ද? මේ ඇමතිවරුන්ගේ වැඩ හින්ද තමයි මෙහෙම දේවල් වුනේ. දැන් සල්ලි දීලා හිත හදාගන්නද හදන්නේ?
ඒකත් හොඳයි. ඒ අතරතුර තවත් රටේ ආරක්ෂාව තර කරමු.
මියගිය අයගේ පවුල් වල අනාගතය ගොඩ නගාගන්න ලක්ෂයක් දීම ලොකු දෙයක්.
සල්ලි රුපියල් ලක්ෂයයිද? ඒ ජීවිතයක වටිනාකම හරි විදියටනම් රුපියල් ලක්ෂ දහයක් ගෙවන්න ඕනේ අසරණ මිනිස්සු මැරුන මිනිසුන්ගේ ජීවත් කරන්න අසරණ දරුවෝ, ගැහැණු, දෙමාපියෝ ඉන්නවා...
මිනිස් ජීවිතයක වටිනාකම රු. 100000 යි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රී 227 දෙනාගේත් වටිනාකම රු . 22700000 යි. (100000* 227)