(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ දී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා දින 90 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) අවසර ලබා දී තිබේ.
මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සොයා අපරාධ පරීක්ෂණ නිලධාරීන් සිදුකළ පරීක්ෂණ වලට සම්බන්ධ තවත් සැකකරුවකු සොයා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සඟවා තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.
සිද්ධියෙන් පසුව අදාල සැකකරුවන් සහ පුපුරන ද්‍රව්‍ය තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයට ගෙන තිබූ අතර එම සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් දෑ ඊයේ (17) කොළඹට රැගෙනවිත් තිබේ..
ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුපුරන ද්‍රව්‍ය සඟවා තිබූ ඉඩම අවට වනාතවිල්ලුව පොලිසිය විසින් ආරක්ෂාව යොදවා තිබේ.


COMMENTS
පේනවනේ ආණ්ඩුව බුදියගෙන ඉන්නේ. ආරක්ෂක හමුදාවන්ට හරි හැටි අණ ලැබෙනවානම් මේවම සාමාන්‍ය මිනිස්සු අල්ලලා දෙනකල් ඉන්න ඕනේ නැහැ...
නැගෙනහිර පළාත ගැනත් ආරක්ෂක අංශ අවධානය යොමු කළ යුතුයි. මෙවැනි ස්ථාන ඒ පළාතේ අනිවාරයෙන් ඇති. හැබැයි ඉතින් ආරක්ෂක අංශවලට පරික්ෂණ සඳහා අනුමැතිය ලැබෙයිද කියා සැකසහිතයි.
කෙසේවෙතත් අප තදින්ම විස්වාස කරනවා " අල ගිය තැන් මුල් ගිය තැන් මෙන්ම ඒ අවට පස් ද පුළුස්සා දැමීමෙන් " එම විෂබීජ පැලවීම වැලක්වෙනු ඇත. එමගින් රටට දීර්ග කාලින සේවයක් වනු නියතය.
මෙහිද අප තවත් එක් වැදගත් කරුණක් සඳහන් කිරීමට කැමැත්තෙමු. මුදල් වෙනුවෙන් ඕනෑම තුප්පහි වැඩක් කරන " සුනඛ වසුරුව තිබෙනා ශත පනහත් දිවෙන් ගන්න සුදු කෝට් කාරයන්ට " රටක් විනාශ කරන මේ වගේ පාදඩයන් වෙනුවෙන් ගොන් තර්ක විතර්ක කතා කිරීමටවත් ඉඩ නොදිය යුතු ලෙස තීන්දු තීරණ ගෙන මෙම විෂබීජ සහමුලින්ම පුළුස්සා දැමිය යුතුමය. එසේ කිරීමෙන් රටකට කරනා පිනක් මිස පවක් නම් අත්නොවෙන බව කීමටද කැමැත්තෙමු.
මේ පුවත සම්බන්ධ මට පුංචි ගැටළුවක් තියෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයකු රඳවා තබා ගැනීමට නියෝග දුන්නේ කවුද කියලා නැහැ. මා දන්නා හැටියට ආරක්ෂක ආමාත්‍යංශයට නියෝග දෙන්න බෑ. සැකකරුවන් අධිකරණයකට ඉදිරිපත් කල යුතුයි නේද? මහේස්ත්‍රාත් වරයකු මෙම නියෝගය නිකුත් කළ යුතු වනවා නේද..?
නලින් හෙන්දුරුගොඩ මහත්මයාට පිළිතුරක් දිම අවශ්‍යයි. මොකද එතුමා මේ ප්‍රවෘත්තියේ අඩුපාඩු ගැන උනන්දුවෙන් සොයා බැලිම ගැන කණගාටුයි.. මැතිතුමා අඩු පාඩුවට පෙර ඒ ගැන අධ්‍යනයක යෙදෙන්න.. මොකද නොදන්න දෙයකට කථා කරලා පටලවා ගන්න එපා. ජාතික ආරක්ෂාව සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව මේ රැඳවුම් නියෝග දෙන්නේ අදාල ආයතනයි. එය ඔබතුමා නොදැන සිටිම ගැන මට ඇත්තේ දුකකට වඩා කණගාටුවක්... මැතිඳුනි.
මෙවැනි වෙලාවටවත් පාට කණ්ණාඩි ගලවා ඇස් ඇර බලන්න. සමහර අය කමෙන්ට් දානවා කඩේ යන ගමන්. කඩේ ගියාට කමක් නැහැ, රට අමාරුවේ දාන්න හවුල් වෙන්න එපා.
රටේ සුළු ජාතිය වෙලා මේ පුද්ගලයින්ට මෙහෙම කරන්න පුළුවන් වුණානම් මේ අය රටේ මහජාතිය වුනොත් කොහොම තියෙයිද..?
පුත්තලම කියන්නේ සිංහල දෙමල මුස්ලිම් සෑම ජාතියක්ම සහෝදරත්වයෙන් ජීවත්වන ප්‍රදේශයක් මෙවැනි ක්‍රියාවන් නිසා එම සාමුහිකත්වයට හානි සිදුවිය හැකියි මෙම ක්‍රියාදාමයට සම්බන්ධවී ඇත්තේ මුස්ලිම් ජාතිකයින් යම් කිසි අන්තවාදී ක්‍රියාවක් සඳහා මෙම කටයුක්ත ආරම්භ කර තිබුණා නම් පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව එහි ප්‍රතිපල වලට මුහුනදීමට සිදුවන්න වෙනවා ඒ නිසා සියලු දෙනාම ශ්‍රිලාංකිකයින් විදිහට සිතා මෙවැනි ක්‍රියා නතර කිරීමට එක්විය යුතුයි.වේ;
තායිලන්තයේ දකුණුදිග නරතිවට් පළාතේදී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් බෞද්ධ භික්ෂූන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල සිදුකර ඇත. මෙලෙස ඝාතනය කර ඇත්තේ රතනුපප් නමින් හැඳින්වෙන පූජ්‍යස්ථානයේ ප්‍රධාන සහ උප ප්‍රධාන හිමිවරුන් දෙදෙනාය. හමුදා භටයන් ලෙස වෙස්වලාගත් පුද්ගලයන් හයදෙනකු පමණ ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව පොලිසිය පවසයි. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ ආගමික නායකයින් මෙම සාහසික ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත. ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාරගෙන නොමැති අතර තායිලන්තයේ ක්‍රියාත්මක මුස්ලිම් කැරළි කණ්ඩායම් විසින් මෙය සිදුකරන්නට ඇති බවට බොහෝ දෙනා මත පල කර ඇත.
සෞදි කාන්තාවන්ට "වහලුන්ට" මෙන් සලකන බව සිය පවුලෙන් පලාවිත් කැනඩාවේ රැකවරණ ලබන සෞදි තරුණිය පවසයි. 18 හැවිරිදි රහෆ් මොහොමඩ් තායිලන්තයට පැමිණ හෝටල් කාමරයක රැඳී සිටිමින් ට්විටර් පණිවුඩයක් මාර්ගයෙන් උපකාර ඉල්ලා සිටියේ, තමන් එරටින් පිටුවහල් කරනු ලැබීම වළකාලනු පිණිසය. පසුව එම ට්විටර් පණිවුඩය ජාත්‍යන්තර පුවතක් බවට පත් විය. අපිට සලකන්නේ භාණ්ඩයකට වගේ. හරියට වහලුන්ට වගේ. මගේ කතාව සහ සෞදි කාන්තාවන්ට මොකක් ද වෙන්නේ කියලා මිනිස්සුන්ට කියන්න මට ඕන වුණා. රහෆ් මොහොමඩ් සිය පවුල වෙත යළි හරවා ලැබුවහොත් තමන් මරා දමනු ඇතැයි බිය වූ බව රහෆ් මොහොමඩ් කියා සිටී. තමන්ට වඩාත් ස්වාධීන ජීවිතයක් ගත කළ හැකි බැවින් "අවධානමක් ගැනීම සුදුසු" යැයි හැඟුණු බව ටොරොන්ටෝ ස්ටාර් සහ සීබීසී පුවත් සේවා වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළාය. "මට නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ," "අපිට සලකන්නේ භාණ්ඩයකට වගේ. හරියට වහලුන්ට වගේ. මගේ කතාව සහ සෞදි කාන්තාවන්ට මොකක්ද වෙන්නේ කියලා මිනිස්සුන්ට කියන්න මට ඕනෑ වුණා"