මහින්ද නිශ්ශංක
තිරිඟු පිටි මිල රුපියල් 8.00 කින් ඉහළ දැමීම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 5.00 කින් වැඩි කිරිමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
පාන්මිල වැඩි කිරිම සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා සංගමයේ විධායක සභාව හෙට (17) කොළඹ දී රැස්වෙන බවද ඔහු කීය.
COMMENTS
දැන් කිසි අවුලක් නෑ. පෙරේදා වගේ නෙවේ අද. ඕනෑ තරම් වැඩි කරන්න. අපි පාන් නැත්තන් කේක් කනවා. හරිය ?
මේ මිනිසුන්ට පොඩ්ඩක් ඉවසන්න බැරිද? තවම ඡන්දෙ උණුසුමවත් ගියේ නැහැනේ .
දැන් ඉතින් මංගල නැහැ නොව. බැරිද ඔන්න ඕක අමතක කරලා දාන්න?
මං ආවා.... මං ආවා..... පාන් මිල උස්සන්නට මම ආවා.
ඔබට දැන් සතුටුයිද, බලාගෙන ඉදපල්ලා... මේ පටන් ගත්තා විතරයි.
පාන් නෙමේ කේක් කාපල්ලා...
පිටිමිල වැඩිකළා කියලා ඡන්දෙට දවස් දෙක තුනක් තියලා ගෙනගිය බොරු ප්‍රචාරය ගැන උඩ පැන්න මිනිස්සු අද කොහෙද? පාන් නැත්තන් කේක් කනවා කියලා කියනවා ඇති...
ඉඳලා හිටලා හරි චූන් පාන් කාරයාගෙන් ගත්ත කිඹුලා කීයකින් වැඩි කරයිද? සුනිල් පුතෝ උඹ හෙට එනකොට මම වැටළඟ ඉන්නම්... මට පරණ ගානටම දෙන්න. මම කරවල ග්‍රෑම් 200ක් ගේන්න ගන්න රුපියල් දෙසීයක් විතර අතේ තියනවා. නැත්තම් එ්ක ගන්න බැරිවෙයි.