
(එච්. චන්දන)
කරුවලගස්වැව - රජවිගම ගලපිටගම විහාරස්ථානයේ බෝධි පුජාවකට සහභාගි වෙමින් සිටි වයස අවුරුදු හතරක දරුවකු වන අලි ප්‍රහාරයකින් අද (30) මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
පස්වරු 6.30 පමණ විහාරස්ථානයට කඩා වැදුණු වන අලියා පහරදීමෙන් තුවාල ලැබු මෙම දරුවා ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
විහාස්ථානයේ වැලි මළුවට කඩා වැදී ඇති වන අලියා මව හා දරුවා එකට උස්සා ගෙන ඇති බවත් දරුවා බිම වැටීමෙන් වන අලියා පාගා ඇති බව අනාවරණය වී ඇත.
COMMENTS
පව්! ඒ වුණාට පොඩි ළමයි හුරතල් කරනවා වගේ නෙවෙයි, වල් අලි හුරතල් කරන එක හරිම සුන්දරයි අපේ රටේ අයට.
වන අලි කළමනාකරණයට ඇමැතිවරයෙක් පත්කළේ නැද්ද? වන අලි පහරදීම් සීඝ්‍රයෙන් වැඩිවෙනවා.
ඉතින්කෝ අලි ඇමැති?
රත්තරන් පුතාට නිවන් සුව පතනවා. අම්මාට ඇති වෙලා ඇති දුක ගැන වචනයකට පෙරලන්න අමාරුයි . ඒක දැනෙන්නෙ තවත් අම්මා කෙනෙක්ටම විතරයි. කරණීය මෙත්ත සූත්‍රයදී වුනත් මවක් තම දරුවාව ජීවිත පරිත්‍යාගයෙන්ත් රකීද එලෙසින්ම සියලු සත්වයන්ටම මෛත්‍රී කරන්න කියල කියන්නේ ඒක හින්දා වෙන්න ඇති.
මේවට කරණීයමෙත්ත කියල, නිවන් සුව පතල හරියන්නේ නැහැ. කෝ අර පරිසරවේදියෝ ටික? ගම් වැද අහිංසක මිනිසුන්ට පහර දෙන අලින්ට වෙඩි තැබීම හැර වෙන විකල්පයක් නැහැ. මෙවැනි දේට රජය පසුබට විය යුතු නැහැ.
හරිම කණගාටුදායක සිදුවීමක්. දරුවන් හදාවඩාගන්න අම්මලා මොනතරම් දුක්විදිනවද.. පව්. මේ දරුවාට නිවන්සුව අත්වේවා!!!