
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
නාවික හමුදා මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ, පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත්කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව අඩු පහසුකම් සහිත පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර නාවික විධානය පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ අඩක් නිම කළ පංති කාමර ගොඩනැගිල්ල, පුස්තකාල ගොඩනැගිල්ල සහ නව රැස්වීම් ශාලාවේ වැඩ කඩිනමින් අවසන් කළේය.
මෙම විවෘත කිරීමට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ සම්බන්ධීකරණයෙන් එම විද්‍යාලයේ සිසු දරුවන් පිරිසකට පාසල් උපකරණ කට්ටල ද පිරිනැමීය.
මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ අඩු පහසුකම් සහිත පාසල් ගණනාවක් නාවික හමුදාවේ මැදිහත්වීමෙන් සංවර්ධනය කෙරෙමින් පවතී.
එම අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න, නාවික හමුදාධිපතිගේ නාවික සහායක සහ නාවික හමුදා පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරී කොමදෝරු සුජීව සෙනවිරත්න, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න සහ එම විද්‍යාලයේ විදුහල්පති ආර්.ආර්.එම්.එන. රාජපක්ෂ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.






COMMENTS
මේ රටේ හැමදේටම හමුදාව ඕනේ... ඒ මිනිස්සු හැමදේම මහන්සිවෙලා ලස්සනට කරලා දෙනවා. මොකටද අපි ඔය 225 තියන් ඉන්නේ...?
කාලකණ්ණි 225... සාපවේවා..!!!
ඒ අය රට දියුණු කරනවා කියලා පුරසාරම් දොඩන්න. උද්ඝෝෂණ කරන්න. යටිමඩි ගහන්න. අපිට යන එන මං නැතිකරන්න. තව තියෙනවා... දැනට ඔය ඇති.