(ඩයනා උදයංගනී)
විවිධ හේතු මත පමා වූ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ආණ්ඩු කිහිපයක් යටතේ වසර 10කටත් වඩා පමා වූ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති බොහෝමයක් තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර තරියන්කුළම ප්‍රදේශයේ ඇති ඉදි කිරීම් ආරම්භ කර අතරමග නතර වූ සූර්ය බලාගාරයක් නිරීක්ෂණයට කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ටෙන්ඩරයට අනුව අනුරාධපුර තරියන්කුළම ප්‍රදේශයේ අක්කර හතරක භූමි ප්‍රමාණයක 2017 වසරේ දී ඉදි කිරීම් ආරම්භ කර ඇති මෙම බලාගාරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්වයන් හේතුවෙන් මෙතෙක් එහි කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇත.
මෙහි කටයුතු මෙම වසර අවසන් වීමට පෙර අවසන් කර, ජාතික පද්ධතියට එක් කිරීමට අවශ්‍ය සහය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්කය මත වැඩ අතරමග නැවතුණු ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යය කටයුතු සිදු කරමින් පවතින බව ද දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
ආණ්ඩු ගණනාවක් යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පමා වීම නිසා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හරහා ලියාපදිංචි වූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව කී දිසානායක මහතා කෙටි කාලයක් තුළ අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ගෙන ඇතැයි ස කීවේය.
එම ව්‍යාපෘති තුළින් මෙගාවොට් 550ක පමණ විදුලියක් ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.