IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුනර්ජනනීය බලශක්තියට අමාත්‍ය අනුකමිටුවක්

(යොහාන් භාසුර)

වසර 2030 වන විට මෙරට විදුලි උත්පාදනයෙන් සියයට 70 ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් උත්පාදනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරාගැනිම කඩිනම් කිරීම සහ යෝග්‍ය පියවර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට අමාත්‍යවරු පස් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබේ.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය - සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි යන අමාත්‍යවරුන් මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

හඳුනාගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් අතරින් සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම, ඉහළ ශක්‍යතාවයෙන් යුතු නව ව්‍යාපෘතීන් හඳුනාගැනීම, ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නීතිමය හා අනෙකුත් බාධාවන් ඉවත් කිරීම සඳහා යෝග්‍ය පියවර ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උත්පාදනය කරන විදුලිය මධ්‍යම සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම ආදි කාර්යන් කෙරෙහි මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවධානය යොමු කළ යුතුය.

මෙම අනුකමිටුව ගනු ලබන ක්‍රියාමාර්ගයන් සහ ඒවායේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් සෑම මාස දෙකකට වරක් අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කළ යුතුය.



අදහස් (5)

පුනර්ජනනීය බලශක්තියට අමාත්‍ය අනුකමිටුවක්

sharm warn Wednesday, 02 March 2022 01:19 PM

පස්ස බිම ඇනිලා වගේ මොලේ පහළ වෙලා තියෙන්නේ... කොහොමත් මොලේ වැඩකරන්න ඉතින් පස්සට රිදෙන්න පාරක් වදින්න එපැයි... මොලේ තියෙන්නේ එතැනනේ...

:       1       9

wicky Wednesday, 02 March 2022 03:12 PM

අපේ ගෙදරට බැටරිත් එක්ක වැඩකරන සෝලා සිස්ටම් එකක් ගන්න අඩු මිලට දෙන්න ණයක් මම කැමති ඒ ඔප්ෂන් එකට.. ඔෆ් ග්‍රිඩ් වැඩ කරන්නත් පුළුවන් එතකොට...! 

:       0       3

කිරි පුතා Wednesday, 02 March 2022 03:14 PM

ඇමතිලා ⁣⁣රොතු ගණන් දැම්මා කියලා වැඩක් නෑ. මේ පිළිබඳ විශේෂ දැනුම ඇති උගතුන්ට වැඩේ බාර දෙන්න... මොරටුව විශ්ව විද්‍යාලයට බාරදුන්නා නම් වැඩේ කරලා දෙයි 2030 වෙනකොට...

:       1       6

විපරමා Wednesday, 02 March 2022 06:00 PM

කිසිම සුදුසුකමක්, දැනුමක් නැති දූෂිත දේශපාලුවන් දාලා කමිටු පත්කෙරුවා කියලා ඇති වැඩක් නැහැ. වියත්මග කියලා එකක් පත් කෙරුවා. වැඩක් වුණාද? හත් පොලේම ගාගෙන ඉන්නේ...

:       0       1

Kule Wednesday, 02 March 2022 06:13 PM

කමිටු වැඩක් නෑ... වැඩේට ප්‍රායෝගිකව බහින්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site