(යොහාන් භාසුර)
වසර 2030 වන විට මෙරට විදුලි උත්පාදනයෙන් සියයට 70 ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් උත්පාදනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරාගැනිම කඩිනම් කිරීම සහ යෝග්‍ය පියවර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට අමාත්‍යවරු පස් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබේ.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය - සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි යන අමාත්‍යවරුන් මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
හඳුනාගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් අතරින් සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම, ඉහළ ශක්‍යතාවයෙන් යුතු නව ව්‍යාපෘතීන් හඳුනාගැනීම, ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නීතිමය හා අනෙකුත් බාධාවන් ඉවත් කිරීම සඳහා යෝග්‍ය පියවර ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උත්පාදනය කරන විදුලිය මධ්‍යම සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම ආදි කාර්යන් කෙරෙහි මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවධානය යොමු කළ යුතුය.
මෙම අනුකමිටුව ගනු ලබන ක්‍රියාමාර්ගයන් සහ ඒවායේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් සෑම මාස දෙකකට වරක් අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කළ යුතුය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පුනර්ජනනීය බලශක්තියට අමාත්‍ය අනුකමිටුවක්
sharm warn Wednesday, 02 March 2022 01:19 PM
පස්ස බිම ඇනිලා වගේ මොලේ පහළ වෙලා තියෙන්නේ... කොහොමත් මොලේ වැඩකරන්න ඉතින් පස්සට රිදෙන්න පාරක් වදින්න එපැයි... මොලේ තියෙන්නේ එතැනනේ...
wicky Wednesday, 02 March 2022 03:12 PM
අපේ ගෙදරට බැටරිත් එක්ක වැඩකරන සෝලා සිස්ටම් එකක් ගන්න අඩු මිලට දෙන්න ණයක් මම කැමති ඒ ඔප්ෂන් එකට.. ඔෆ් ග්‍රිඩ් වැඩ කරන්නත් පුළුවන් එතකොට...!
කිරි පුතා Wednesday, 02 March 2022 03:14 PM
ඇමතිලා රොතු ගණන් දැම්මා කියලා වැඩක් නෑ. මේ පිළිබඳ විශේෂ දැනුම ඇති උගතුන්ට වැඩේ බාර දෙන්න... මොරටුව විශ්ව විද්‍යාලයට බාරදුන්නා නම් වැඩේ කරලා දෙයි 2030 වෙනකොට...
විපරමා Wednesday, 02 March 2022 06:00 PM
කිසිම සුදුසුකමක්, දැනුමක් නැති දූෂිත දේශපාලුවන් දාලා කමිටු පත්කෙරුවා කියලා ඇති වැඩක් නැහැ. වියත්මග කියලා එකක් පත් කෙරුවා. වැඩක් වුණාද? හත් පොලේම ගාගෙන ඉන්නේ...
Kule Wednesday, 02 March 2022 06:13 PM
කමිටු වැඩක් නෑ... වැඩේට ප්‍රායෝගිකව බහින්න...