(නිමල කොඩිතුවක්කු)

පාන් පිටි සහ කිරිපිටි සඳහා මිල සූත‍්‍රයක් සකස් කර ඇති බවත් ඉදිරි දිනකදී එම මිල සූත‍්‍ර ජනතාවට හෙළි කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.

ඉන්ධන මිල සූත‍්‍රය මෙන් නොව පාන් පිටි සහ කිරිපිටි සඳහා සකස් කර ඇති මිල සූත‍්‍රය  ජනතාවට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වනසේ සකස් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද (1) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

පාන් පිටි සහ කිරිපිටි සමාගම් වලට රිසිසේ මිල තීරණය කිරිමට නොහැකි වන ලෙස ජනතාවට සාධාරණ මිලක් යටතේ එම ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි වනසේ මෙම මිළ සූත්‍ර හදුන්වා දෙන බවත් ඔහු වැඩිදුරටත් කීය.