IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


පන්නල දී සිදුවූ බස් අනතුරකින් රියදුරු මරුට

(හේමලතා ඩී හේවගේ)                                   

ගුවන් හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් හා ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටීමෙන් අද (16) සිදුවූ අනතුරකින් බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා දඹදෙනිය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගොස් ඇති බව පන්නල පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන් හමුදා කඳවුරට තැපැල් ඡන්දය  ප්‍රකාශ කිරීමට ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකි.

අනතුරින් මියගොස් ඇත්තේ පන්නල දංගොල්ල ප්‍රදේශයේ පදිංචි කේ ජී ඇල්බට් නැමති 70 වියැති පුද්ගලයෙකි.

කුලියාපිටිය  දෙස සිට පැමිණි ඇඟඵම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථය පන්නල නගර මධ්‍යයේ ඇති වටරවුමෙන් දංකොටුව දෙසට ධාවනය කරන අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ.

ගිරිඋල්ල දෙස සිට දංකොටුව දෙසට ධාවනයවූ  ගුවන් හමුදා භටයන් රැගත් බස් රථය අසල තිබූ කුඩා වෙළඳසැලක් කඩාගෙන ගොස් නතර වී ඇති බවත් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඇඟඵම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයේ රියදුරු බස්රථයෙන් එළියට විසිවීමත් සමඟ එම බස්රථය රියදුරෙකු නොමැතිව ධාවනය වී මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයක ද ගැටී ඇති බවත් අනතුරින් හමුදා සෙබඵන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති  බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.   



අදහස් (0)

පන්නල දී සිදුවූ බස් අනතුරකින් රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 176 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1037 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site