(රංජිත් රාජපක්ෂ)
කෝවිඩ් වයිරසය පැතිරයාමේෙ අවධානමත් සමග පිඩාවට පත් ජනතාව සදහා රජය මගින් ලබාදුන් රු පන්දහසේ දිමනාවේ දෙවන අදිරයේ දිමනාව ඉල්ලා අද (19) ප්‍රතිලාභීහු පිරිසක් හැටන් කාර්යාලය වැටලූහ.
දින ගණනාවක් තිස්සේ හැටන් සහ වටවල යන ප්‍රදේශවල වතු කම්කරුවන් සහ 200 ආසන්න ප්‍රතිලාභින් පිරිසක් එම දිමනාව ලබා ගැනිම සදහා දින ගණනාවක් තිස්සේ හැටන් සමෘද්ධි කාර්යයාලයට පැමිණෙන බවත් , එසේ පැමිණෙන අයහට හැටන් සමෘද්ධි කාර්යයාලයේ නිලධාරින් ටොකන් පත් ලබාදුන්නද එම ටොකන්පත් වෙනුවට ද අදාල දිමනාව ගෙවිම සිදු නොකරන බවයි ප්‍රතිලාභින් චෝදනා කර සිටිති.
හැටන් සමෘද්ධි කාර්යයාලයේ නිලධාරින් පිඩාවට පත් ජනතාව තවත් පිඩාවට පත් කරමින් රජය විසින් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන රු පන්දහසේ දිමනාව ලබා දිමට නිසි වැඩ පිලිවෙලක් සිදු නොකරන බවයි සමෘද්ධි කාර්යයාලය වැටලු ඔවුහු කීහ.
රුපියල් පන්දහසේ දිමනාව ලබා ගැනිමට පැමිණි ප්‍රතිලාභින් සහ සමෘද්ධි නිලධාරින් අතර තරමක නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වු අතර එහිදි සමෘද්ධි නිලධාරින් ප්‍රතිලාභින් හමුවේ කියා සිටියේ තම සමෘද්ධි කාර්යයාලය මගින් සිමිත ප්‍රමාණයකට පමණක් රු පන්දහසේ දිමනාව දිනකට ලබාදෙන බවත් , සෙසු අයට ඉදිරි සති කිහිපයදි අදාල මුදල ලබාදෙන බවද එම සමෘද්ධි නිලධාරීහු පැවසූහ.



2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පන්දහසේ දීමනාව ඉල්ලා ප්‍රතිලාභියෝ හැටන් සමෘද්ධි කාර්යාලය වටලති
SK Saturday, 20 June 2020 01:51 AM
5000 මේ නිලධාරීන් යටිමඩි ගහනවා.