IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පන්දහස ගන්න ගිය ලිපිකරුවෙක් හදිසියේ මිය යයි

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා හෝමාගම හත්ලහගොඩ  විහාරස්ථානයට ගොස් සිටි තිදරු පියෙකු අද (31) හදිසියේ  මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම , මාගම්මන පදිංචි , කරුණාසිරි ගුණරත්න සිල්වා නම් ඇති  (68) හිටපු ලිපිකරුවකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා අද(31)දා උදෑසන හත්ලහගොඩ විහාරස්ථානයට පැමිණ ඇත්තේ රජය මගින් ලබාදෙන රුපියල්   5000 දීමනාව ලබාගැනීම සඳහාය.

ඒ සඳහා පැමිණීමට නියමිත පෝලිමේ පිටුපස රැඳී සිටිය දී කිසියම් අපහසුතාවයකින් රැඳී සිට ඇති අතර ඒ බව  එහි සිටි තවත් පුද්ගලයකු දැ ක මොහුව ඉදිරියෙන් තබා තිබූ පුටුවක හිඳුවා ඇති අතර ඒ සමඟම රෝගී තත්ත්වය  උත්සන්න වීම  නිසා  1990 ගිලන් රථයකට ඇමතුමක් ලබාදී ඇතැයි පොලිසිය පවසයි .

ඒ අනුව සුව සැරිය ගිලන් රථයක් එම ස්ථානයට පැමිණ ඇති  අතර එහිදී රෝගියා පරීක්ෂා කොට ඔහු මිය ගොස් ඇති බව පවසා ඇතැයි පොලිසිය
පවසයි.

ඒ අනුව හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතාට සිද්ධිය දැනුම් දීමෙන් පසුව ඔහු එම ස්ථානයට පැමිණ  ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේ ය .

ඒ අනුව  දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගිය බවත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක අධිකරණයේදී අද 31 දා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි .

සිද්ධිය පිළිබඳව කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත  වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පො.සැ (56800) සෝමරත්න නිලධාරීහු පරීක්ෂණ පවත්වති.


 



අදහස් (1)

පන්දහස ගන්න ගිය ලිපිකරුවෙක් හදිසියේ මිය යයි

චමින්ද Sunday, 31 May 2020 01:04 PM

නොදන්නා නිසා අහන්නේ? ඔහු ලිපිකරුවෙක් නම් ඔහුට විශ්‍රාම වැටුපක් ලැබෙනවා ඇතිනේ. එවැනි අයටත් ගෙවනවා නම් අපට නොදෙන්නේ ඇයි...?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site