(සුමිත් ප්‍රේමතිලක සහ සමන් කාරියවසම්)
පානදුර රෝහල් භූමියේ තිබූ විශාල තේක්ක ගසක් කඩා වැටීමෙන් එහි තාප්පයකට , කොවීඩ් ප්‍රතිකාර සඳහා පරිත්‍යාග කරන ලද තාවකාලික ගොඩනැගිල්ලක වහලයට , ගාල් කර තිබූ ත්‍රීරෝද රථ තුනකට සහ විදුලි පද්ධතියට හානි සිදුව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පානදුර ප්‍රදේශයට අද (10) අලුයම ඇතිවූ අධික සුළඟත් සමග මෙම තේක්ක ගස ගඩා වැටී ඇති අතර රෝහලේ තාප්පයේ අඩි 20 ක පමණ කොටසක් කඩා වැටී හානි තිබුණි.
කොවීඩ් ප්‍රතිකාර වාට්ටුවක් සදහා රෝහලට පරිත්‍යාග කර තිබෙන තාවකාලික ගොඩනැඟිල්ලේ වහලයේ කොටසක්ද සුළංගට හසුව ගැලවී තිබෙන අයුරු දැකගත හැකිවිය .
තේක්ක ගස සහ තාප්පය කඩා වැටෙන මොහොතේ කිසිදු පුද්ගලයකු ඒ අසල සිට නොමැති බැවින් , ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.
කඩා වැටී තිබූ තේක්ක ගසේ අතු විදුලි රැහැන් පද්ධතිය මතට කඩා වැටීමෙන් රෝහලේ කොටසක විදුලිය විසන්ධි වීමක් ද සිදුව ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට පෙර හොරණ නගරයේ පරණ MOH කාර්යාලය ඉදිරිපිට තිබුණු යෝධ කොස්ගහ නගරාධිපතිතුමාගේ මහිමයෙන් එළිවනවිට රහත් වුණු බව මේ අවස්ථාවේදී මතක් වෙයි..!!!