IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


පැන්ඩෝරා සිද්ධිය ගැන තවත් පිරිසකගෙන් ප්‍රකාශ ගන්න යයි

(නිමන්ති රණසිංහ)

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි.

හිටපු ඇමැතිවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමියා තිරුකුමාර් නඩේෂන් මහතාගෙන් අල්ලස් කොමිසම පසුගියදා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් අතර, එහිදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් විමසීම සදහා මෙම පිරිස ක’ඳවන බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

අල්ලස් කොමිසම මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිරුකුමාර් නඩේෂන් මහතාගෙන් දෙදිනකදී පැය අටකට අධික වේලාවක් ප්‍රකාශ සටහන් කරගත් අතර, එහිදී අදාළ පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් වන ලිඛිත ලියැවිලි ඔහු අල්ලස් කොමිසමට ලබාදී තිබූ බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අවශ්‍ය වුවහොත් නැවත වරක් තිරුකුමාර් නඩේෂන් මහතා අල්ලස් කොමිසම වෙත යළි කැඳවීමට ද බලාපොරොත්තු වන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
 
තිරුකුමාර් නඩේෂන් මහතා පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 08 වැනිදා සහ 15 වැනිදා යන දෙදින අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශ ලබාදුන්නේය.

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර මසක් තුළ වාරතාවක් ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් (06) අල්ලස් කොමිසමට දැනුම් දුන් දුන්නේය.

පැන්ඩෝරා පත්‍රිකා සිද්ධිය සම්බන්ධයෙන් තමාගේත්  බිරිඳගේත් නම සදහන් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂකවරයකු පත්කරන ලෙසත් තිරුකුමාර් නඩේෂන් මහතා ද ඉකුත් 06 වැනිදා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබිණී.

හිටපු රාජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා විදේශීය සමාගම් භාවිත කරමින් ලොව පුරා සිය ධනය සැගවූ බව පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළි කර තිබිණී. මෙම ධනය අතරට සුඛෝපභෝගී නිවාස, වටිනා කලා කෘතීන් සහ මිල මුදල් ද ඇතුළත්ව ඇතැයි එහි සදහන් විය.



අදහස් (2)

පැන්ඩෝරා සිද්ධිය ගැන තවත් පිරිසකගෙන් ප්‍රකාශ ගන්න යයි

සෙනෙවිරත්න Monday, 18 October 2021 08:45 PM

මේ පත්‍රිකාවල තිබුණේ 1990-2000 කාලය නොව 1990 සහ 2010 මුල දක්වා වසර වලට අදාල බවයි පෙනෙන්නේ... අනෙක තිරුකුමාර් රාජපක්ෂ පවුලේ නොවේ කියලා හෝදන්න හැදුවාට මල්වානේ නිවසේ අයිතිය සහ 2015 මහින්ද පැරදුණු වෙලාවේ රනිල් සමග කළ කපුකම අමතක කරන්න එපා...

:       0       6

Demuni Uduwara Tuesday, 19 October 2021 04:06 AM

ප්‍රශ්න කෙරිලි විතරක්ම වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 178 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 246 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site