IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ වාර්තාව එළිදක්වයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව, විශ්වාසනීයව සහ ක්‍රමවත්ව පැවති බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී ප්‍රොස්පර් බානී මහතා කොළඹ දී අද (19) පැවසීය.

එසේ වුවද මෙම ඡන්ද විමසීමේදී ඇතැම් කණ්ඩායම් බියටත් තැති ගැන්වීමටත් ලක්වූ බව ද බානී මහතා සඳහන් කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම නොවැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එතැන් පටන් ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතුවල නිරත විය.

එම නිරීක්ෂණ ඇතුළත් ඔවුන්ගේ මූලික වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් බානී මහතා එම කරුණු සඳහන් කළේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ සම්පූර්ණ වාර්තාව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයාට, ශ්‍රී ලංකා රජයට, මෙරට දේශපාලන පක්ෂවලට, මැතිවරණ කොමිෂන් සභාවට සහ මහජනතාවට ලබාදීමට නියමිතය.

බානී මහතා මෙසේ ද කීය.

             “මැතිවරණයට පෙරත් මැතිවරණයට පසුත් සාමකාමී පරිසරයක් පැවැති බව කිව යුතුයි. එහෙත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් අපට වාර්තා වුණා. විශේෂයෙන්ම ඡන්ද විමසීම දිනයේදී මුස්ලිම් වැසියන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථ පෙළකට ප්‍රහාර එල්ල වී තිබුණා. අපි එම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිනවා. විශේෂයෙන්ම, විශේෂිත කණ්ඩායම් තෝරාගත් කණ්ඩායම් ඉලක්ක කරගනිමින් කරන බිය ගැන්වීම් සහ ප්‍රචණ්ඩත්වය අපි දැඩි ලෙස හෙළා දකිනවා.

ඡන්ද පොළ නිලධාරීන්ගේ වෘත්තීයභාවය සහ ඔවුන්ගේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් අපි දැඩි සතුට පත්වෙනවා.

ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන්. ශ්‍රී ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රයට ද කාන්තාවන් ඇතුළත් වීම ගැන අපි ප්‍රශංසා කරනවා.

කොළඹ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයට යෑමට ද මට අවස්ථාව ලැබුණා. එහි කණ්ඩායම ගැන අපි සතුටු වෙනවා. පැමිණිලි ලබාගැනීමේ ක්‍රියාවලිය, එම ව්‍යුහය, එහි යාන්ත්‍රණය, ප්‍රතිඵල ලබාගැනීම, ප්‍රතිඵල බෙදා හැරීම, මාධ්‍ය සමඟ කටයුතු කිරීම යනාදිය ගැන සතුටට පත්වෙන්න පුළුවන්.

කෙසේ නමුත් මැතිවරණ ක්‍රියාවලිය වර්ධනය කිරීම සඳහා අප මීට පෙර ලබාදුන් නිර්දේශ තවදුරටත් වලංගු බව කියන්න ඕනේ. මැතිවරණ මූල්‍යකරණය නියාමනය කිරීම ඉන් එකක්.

මැතිවරණ සටනේදී විනිවිදභාවය, වගවීම සහ සාධාරණ හා සමබර බව තහවුරු කිරීම සඳහා මැතිවරණ මූල්‍යකරණය නියාමනය කළ යුතුයි.

මැතිවරණයට පෙර වාර්ගික සහ ආගමික නොසන්සුන්තා දක්නට ලැබුණා. ඇතැම් කණ්ඩායම් බියටත් තැතිගැනීමටත් ලක්ව තිබූ බව අපට දැනගන්නට ලැබුණා.

එකමුතුකම, දේශපාලනය තුළ ගෞරවය සහ ඉවසීම තහවුරු කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන්, දේශපාලනඥයන්ගෙන් සහ ප්‍රජාවලින් අපි දැඩි ඉල්ලීමක් කරනවා.

පෞද්ගලික මාධ්‍යවලින් වගේම සමාජ මාධ්‍යවලින් වෛරී ප්‍රකාශ සිදු කෙරුණා සහ ඒවා තුළින් වෛරී ප්‍රකාශවලට ප්‍රසිද්ධියක් ලබා දුන්නා. මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පැය 48ක නිහඬ කාලයේදීද මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා සිදු කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාවට මාධ්‍ය උපමාන නිකුත් කරමින් රාජ්‍ය මාධ්‍ය නියාමනය කිරීමට හැකි වුවත් පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් එසේ කළ නොහැකි බව අපේ අවධානයට ලක්වුණා. ඒ නිසා මීළඟ මැතිවරණයේදී නෛතික රාමුවක් තුළින් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ස්වාධීන නියාමනයකට ලක් කළ යුතු යැයි අපි නිර්දේශ කරනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ කාන්තා සහභාගීත්වය ඉතාම අඩු වීම අනෙක් කරුණයි. ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු සිටියා. ඒ අතර සිටියේ එක් කාන්තාවක් පමණයි. පළාත් පාලන මට්ටම සඳහා සියයට 25ක කෝටාව හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. ජාතික මට්ටමේදීද කාන්තා සහභාගීත්වය වැඩි කිරීමට පියවර ගන්නැයි අපි නිර්දේශ කරනවා”.

මෙම මාධ්‍ය හමුවට පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ කාර්යමණ්ඩල ප්‍රධානී ඉවෝනා එපී මෙන්සාහ් සහ සහකාර සන්නිවේදන නිලධාරී ටෙමිටෝපේ කලේජායියේ යන මහත්මීහු ද සහභාගී වූහ. 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 



අදහස් (5)

පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ වාර්තාව එළිදක්වයි

රිස්වාන් Wednesday, 20 November 2019 03:11 AM

රාජ්‍ය මාධ්‍ය නියාමනය කෙරුන කිව්වත් ඒවා හැසිරුනෙ සමබරව නොවෙයි.

:       25       14

nayana Wednesday, 20 November 2019 03:56 AM

ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට ද ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් ද ඇතුළුව වාහන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ඇතුළත් වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කෙරෙනු ඇති. කෙසේ වෙතත්, සෙසු වාහන හැසිරීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් ආරක්ෂක රථ සඳහා ඇතුළත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

:       1       34

Chanak los angeles Wednesday, 20 November 2019 04:20 AM

මොහුට ඉතින් කව්රු නපුරක් කරන්නද ?

:       101       6

samel Wednesday, 20 November 2019 04:41 AM

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් ගන්නා වාහන සංඛ්‍යාව උපරිමය 4කට සීමා කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබේ. එසේම ඔහු මාර්ගයේ ගමන් ගන්නා විට කිසිම මාර්ගයක් වසා නොතබන ලෙසද ජනපතිවරයා විසින් උපදෙස් දී තිබේ. සුපුරුදු පරිදි ඔහුගේ ආරක්ෂාව කොමාන්ඩෝ රෙජිමේන්තුව මගින් සපයනු ඇත.

:       0       54

sharm warnWednesday, 20 November 2019 05:47 AM

මේ දේවල් දිගටම මෙහෙම කරලා ජනාධිපතිකමේ අනවශ්‍ය වියදම් නවත්තනවා නම් ලොකු දෙයක්. එහෙම නොවුනොත් අපිට බදු ගෙවනවාට වඩා දෙයක් කරන්න වෙන්නේ නැති වෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25452 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18151 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10862 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 591 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site