(පියදාස සමරවීර)
පදවියේ "ගොවීන්ට රජය මගින් නොමිලේ ලබා දී ඇති ඇග්ස්ටාර්-එම්.පවර් දියර කාබනික පොහොර අඩංගු බූලී බෙදා දීමටත් පෙර එම බූලි සීයයකට අධික ප්‍රමාණයක් පුපුරා ගොස් ඇතැයි පදවිය රුවන්පුර "සීවලී" ගොවි සංවිධානය පවසයි.
පදවිය ගොවීන්ට බෙදාදීමට ගෙනැවිත් තිබූ එම බූලි එකින් එක පුපුරා ගොස් ඇති අතර 08 දා දහවල් වන විට බුලි 100ට වඩා පුපුරා ගොස් ඇතැයිද ගොවි සංවිධාන පවසයි.
මේ සම්බන්ධව අප පදවිය ගොවිජන සේවා නිලධාරිනී දර්ශිකා සෙනවිරත්න මහත්මියගෙන් විමසීමේ දී අපට මෙසේ කීවාය.
"ඔය කාබනික දියර පොහොර අපට ලැබුණු විගස ගොවි සංවිධානවලට 8 වැනි දා උදේ බෙදා දුන්නා. එම බූලි පුපුරා කාන්දුවක් සිදුව ඇති බව වාර්තා වූණා.මා අවශ්‍ය නිලධාරීන් දැනුවත් කළා. මේවා දේශීය වශයෙන් නිෂ්පාදන කරන පොහොර. පුපුරා යාමට හේතුව දන්නේ නැහැ" යැයිද ඇය කීවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඒ් ගමන එව්වත් පුපුරනවද?
ලංකාවේ ගෑස් සහ පොහොර බෙදාහරින්නේ ජයරත්න එකෙන්ද්?