IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පදවියේ තෘණ ඉඩම් කිරි ගොවින්ට දෙන්න යයි

(නිමල කොඩිතුවක්කු)
 
පදවිය ප්‍රදේශයේ හදුනාගත් තෘණ ඉඩම් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම මත නිදහස් කරගෙන එම ප්‍රදේශයේ කිරි ගොවීන් වෙත හැකි ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.
 
තෘණ ඉඩම් අක්කර 30,000 ක් පමණ එම ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවත් ඉන් භාගයක් හෝ නිදහස් කරගෙන එම ප්‍රදේශයේ ගොවීන් වෙත ලබාදීමට හැකි ඉක්මණින් කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
පදවිය ප්‍රදේශයේ කෑම හිගකම හේතුවෙන් කිරි හරක් මියයාම පිළිබඳ පළවූ  මාධ්‍ය වාර්තා සැළකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ කළ සංචාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
 
කෑම හිඟකම නිසා මේ වන විට දෛනික කිරි නිෂ්පාදනය සීඝ්‍ර ලෙස පහත ගොස් ඇති බවත් මෙහිදී ගොවීහූ පෙන්වා දුන්හ.
 
දියර කිරි අවශ්‍යතාවය සපුරා ගැනීම ජාතික වැදගත් කමක් ලෙස සළකා රජය මෙවර අය වැය මගින් රුපියල්  මිලියන 2000 ක මුදලක් වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
 
නිෂ්පාදන වැඩි කර ගැනීම සඳහා කිරි දොවන මැෂින්, තෘණ කැබලි කිරීමේ යන්ත්‍ර සහ උසස් ආරයේ අභිජනන පිරිමි සතුන් කිරි ගොවියන් වෙත ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
 
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රජයේ නිළධාරීන් සහ එම ප්‍රදේශවල ගොවීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (3)

පදවියේ තෘණ ඉඩම් කිරි ගොවින්ට දෙන්න යයි

Nuwan Monday, 08 February 2021 08:47 AM

මේ රට කාන්තාරයක් කරලා මිසක් මේ ආණ්ඩුව ගෙදර යන්නේ නැහැ...!! 

:       1       10

sanathMonday, 08 February 2021 09:33 AM

කාන්තාර මොකක්ද? මේ යන විදිහට රටවල් කීපයක යුද්ධවලට අපේ රට දැන් දීලා එක්සත් ජාතීන්ගේ හමුදාව ගෙන්වලා මේක තවත් සිරියාවක් කරනවා සිකුරුයි.

:       1       2

thushara Monday, 08 February 2021 09:24 AM

ඊට පස්සෙ කියයි අලි ගම් වදිනවා කියලා...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site