(තිළිණි ද සිල්වා)
පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සඳහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් වාර්තාවක් කැඳවීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ලේකම්වරයා පියවර ගෙන ඇත.
එම රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කර ඇති ප්‍රංශ සමාගමක නිලධාරින් දෙදෙනෙකු මෙම ටෙන්ඩරය ලබා ගැනීමට විවිධ බලපෑම් සිදු කරන බවට ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙත පැමිණිලි ලැබී තිබූ අතර එබැවින් මේ සම්බන්ධ වාර්තාව කැඳවීමට තීරණය වූ බවද එම අමාත්‍යාංශය කියයි.
ඒ අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය මෙම වාර්තාව කැඳවා තිබෙන අතර මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර සති 02 ක් තුළ අදාළ වාර්තාව ලබා දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරිය ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාට ලිඛිතවම දැනුම් දී ඇත.
ප්‍රංශ සමාගමට අමතරව තවත් රටවල් 02 ක සමාගම් 02 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම ලංසු ප්‍රංශ සමාගමේ ලංසුවට වඩා අඩු බවත් අදාළ පැමිණිල්ලේ සඳහන්ව තිබිණි යැයි ද එම අමාත්‍යාංශය සදහන් කරයි.
COMMENTS
Reply To:
-
චීනෙට දුන්නා නම්, අර නොරොච්චෝලේ කරච්චලේ වගේ හැමදාම කැඩිකැඩී තියේවි...
ඔය කියන නොරොච්චෝලේ කරච්චලේ නැතිනම් රටෙන් භාගෙකට විදුලිය නෑ
කොමිස් එක ඇහුවහම තමයි ප්‍රංශ සමාගමට අපබ්‍රංශ වෙන්නෙ.
අපි නොදන්න "ප්‍රසන්න රනතුංග"
ඕක චීන සමාගමකට නම් දෙන්න එපා.