IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


පාදෙණියගේ පෙත්සම මැයි මාසයට කල් යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගයට ගැනීම ලබන මැයි 22 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය.
 
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැඳවූ අතර විනිසුරුවරයා විසින් පෙත්සම් විභාගය මෙදිනට කල් තැබිණි.
 
එදින එම නඩු විභාගයේ සාක්ෂි විභාගය ඇරඹීමට අභියාචනාධිකරණය තීන්දු කරන ලදී.
 
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා ලබා දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් විචේනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලූවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඬුවමක් නියම කරන ලෙස  ඉල්ලා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.
 
සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
 
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටිති.
 



අදහස් (0)

පාදෙණියගේ පෙත්සම මැයි මාසයට කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 350 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site