(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද(23) ප්‍රධාන සැකකරු ඇතුළු දසදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගොස් ඇත්තේ පන්නිපිටය දෙපානම පදිංචි රුෂිත රුක්ෂාන් නමැති 18 හැවිරිදි තරුණයෙකි.
ප්‍රේම සබඳතාවක් මුල්කරගනිමින් කලක සිට පැවති ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයිද, 13 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ(22) එම තරුණයා සමග ගැටුමක් ඇතිකරගෙන තිබූ බවද ආනාවරණය වී ඇත.
අනතුරට පත් තරුණයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන උල් ආයුධයද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගංගොඩවිල අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට පිස්සුද? මේ අපේ රටේ අනාගතය නේද? මෙහෙම මහපාරේ මිනිස්සු නිරපරාදේ මරා දාන රටක් නීතිය බල්ලට ගිහින් නම් , මිනිස්සු නීතිය අතට ගන්න දිනය වැඩි ඈතක නෑ. කිසිම සමාවක් දිය යුතු නැහැ.අනිත් මිනිස්සුන්ටත් පෙන්න එක්ක දඬුවම් දිය යුතුයි.
අපි පාසල් යන කලෙත් ඔය නුගේගොඩ රොටරි ක්ලාස් වල ඕන තරන් කොල්ලෝ රණ්ඩු උනා.. කෙරවල හොයන් ගියහම කොහෙන් හරි පෙම් පලහිලව් තමා.. නමුත් ඒවා සුන්දර අත්දෙකීම් දැන් හිතද්දී.. සන්සදනාත්මකව දැන් ගත්තම එවෙනි දේවල් කෙලවර වෙන්නේ මිනිමරාගෙන... මොකක්ද මේ රට... මිනිහෙක් මරන්න හැකියාවක් තරුණ පරම්පරාවට එනවා කියන්නේ මොන තරන් අමානුශියද...