
(ජයන්ත සමරකෝන්)
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක් දින සේවා ඇතුළුව සියලුම සේවාවන් නැවත දැනුම් දෙනතුරු හෙට (24) සිට තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත.
මෙහිදී බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා සියලුම පළාත් කාර්යාල වසා තැබෙන බවද එම දෙපාර්තමේන්තුව කියයි.
මීට පෙර එක්දින සේවාවන් සඳහා දින හා වේලාවන් ලබා දී ඇති සියලුම ඉල්ලුම්පත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල පිහිටි හැඳුනුම්පත් අංශ වෙත බාරදිය හැකි බවද, ඒවා නොමිලේ සකස්කර දීමට කටයුතු යොදා ඇතැයිද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
හදිසි අවශ්‍යතා සඳහා හැඳුනුම්පත් සකස් කිරීමට අවශ්‍ය වූවහොත් 011-5226126 / 0115-226115 / 011-5226100/ 011-5226150 යන අංකවලින් විමසිය හැකි බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා තාවකාලිකව නවත්වයි
Wca Saturday, 24 October 2020 03:01 AM
මාර තියරි තියෙන්නෙ මේගොල්ලන්ට .හරිනම් කරන්න ඔනෙ මේගොල්ලන් කාර්යබහුල නැති හින්ද ඔන්ලයින් සිස්ටම් එකක් හදන එක නෙද මේ වෙලාවට .