IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


පුද්ගලයකුට පහරදුන් ආරච්චිකට්ටුව පොහොට්ටුවේ ප්‍රා.ස මන්ත්‍රී රිමාන්ඩ්

( ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු සහ ඔහුගේ ආධාරකරුවෙකු අද (13)  හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේමස 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරතැබීමට හලාවත මහේස්ත‍්‍රාත් සහ  දිසා විනිසුරු මංජුල රත්නායක මහතා පොලීසියට නියෝග කළේය.

හලාවත කුමාරකට්ටුව ප‍්‍රදේශයේ මාර්ගයක යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙටකුට පහර දී එම පුද්ගලයාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුලූව දේපලට හානිකිරීම සම්බන්ධයෙන්  මොවුන් සැකපිට අත්අඩංගුවට ගනුලැබූහ
 
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිවිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත‍්‍රී  සුදත් රෝහිත සහ ඔහුගේ ආධාරකරුවෙ වූ පොළගා හෙවත් විජිත රම්‍යකුමාර නැමැත්තෙක්ය.
 
පහරදීම නිවසකට බලහත්කාරයෙන් අයුතු ඇතුල්වීම පුද්ගලික දේපළ වලට අනර්ථයක් සිදුකිරීම යන චෝදනා මත මෙම පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.
 
මෙම සිද්ධියේදී  පහරකෑමට ලක්ව ඇත්තේ කුමාරකට්ටුව නෙලූම් කුලිය මැදවත්තේ වතුවැඩ පරීක්ෂක වරයාගේ පුත‍්‍රයෙකු වූ 19 හැවිරිදි චාමින්ද කනිෂ්ක නැමති පුද්ගලයෙකි

ඉකුත් 09 දා රාත‍්‍රී පහර කෑමට ලක්වූ පුද්ගලයා කුමාරකට්ටුව  ප‍්‍රදේශයේ මාර්ගයේ සිය යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී මන්ත‍්‍රීවරයා සහ තවත් ප‍්‍රදේශයේ මැරයෙකු මගරැක පහරදුන් බවත්ල  අනතුරුව තම ජීවිත බේරා ගැනීමට නිවසට දුවපැන සැගව සිටියදීල  එම මන්ත‍්‍රීවරයා සහ මැරයා පැමිණ නිවසේ තිබූ අගල් 52ක වටිනා වර්ණරූපවාහිනී යන්ත‍්‍රය පොලූමුගුරු වලින් ගසා කුඩුකළ බවත් අගතියට පත්වූවන් කළ පැමිණිල්ලේ සඳහන වේ.

අනතුරුව සිදිධියට අදාල මන්ත‍්‍රිවරයා ප‍්‍රදේශයෙන් අතුරුදහන්ව සිටි අතර පසුව හලාවත පොලීසිය සිදුකළ මෙහෙයුමකින් අනතුරුව 12දින අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (2)

පුද්ගලයකුට පහරදුන් ආරච්චිකට්ටුව පොහොට්ටුවේ ප්‍රා.ස මන්ත්‍රී රිමාන්ඩ්

Raveendra Wednesday, 13 May 2020 10:08 AM

පොහොට්ටුවේද, කෙහෙල්මලේද, අලියෙක්ද , රතු හැට්ටකාරයෙක්ද අදාලම නැත. මෙවන් අය අනාගතේදී කෙසේ මහජනතාව වෙනුවෙන් සේවය කරන්නේද යන්න දැන්මම රටට පැහැදිලි කර ඇත. මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව රටේ මුල් පුරවැසියාට මෙන් අනෙකුත් රටේ තිබෙන සියලුම පක්ෂවල ලොක්කන් යයි කියාගන්න නිවටයන්ටද කියවීමට හැකිවේවා...!!! කාරුණිකව සියලුම පුරවැසියන් තමන් වන්දනාමාන කරන පක්ෂ, පාට පැත්තකට දමා මෙවැන්නන්ට විරුද්ධව තම අදහස් ඍජුවම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඉදිරියට එන මෙන් ඉල්ලා සිටින්නෙමු. " මොන පක්ෂයේ කෙනෙක් " වුවත් විරුද්ධ වෙමු. තමන්ගේ පක්ෂයේ වුවත් වැරදි නම් වැරදිලෙස දැකීමට පෙළඹෙමු.

:       0       0

karu Wednesday, 13 May 2020 11:21 AM

මේ පොහොට්ටුවාව.. පාර දිගේ ඇදගෙන පොලිසියට ගෙනිහිල්ලා, එක කකුලක මා පට ඇඟිල්ලෙන් බාල්කයේ එල්ලලා, ඔළුවට මිරිස්කුඩු බැග් එකක් දමලා , 2*2 පොල්ලකින් හොඳට මසාජ් කරන්න. අනේ ගහන්න එපා මේ නොදරුවෙක්. තාම ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. කටේ අරක්කු සුවඳවත් ගිහිල්ලා නැහැ. මෙයා හරි දක්ෂයා හොරකමේ යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 86 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2541 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site