(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලය අග්බෝපුර පදිංචිකරුවකුට පහරදුන්නේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා කතානායකවරයාගේ අවසරය ඇතිව අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය අද කන්තලේ මහේස්ත්‍රාත් උසාවියට දැනුම් දුන්නේය.
එම පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් නීතීඥවවරයන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කන්තලේ මහේස්ත්‍රාත් තිසානි තේනබන්දු මහත්මිය නියම කළාය.
සුසන්ත පුංචිනිලමේ මහතා සහ ඇමැති ආරක්ෂකයන් තමන්ට පහර දුන්නේ යැයි කියමින් අග්බෝපුර, අග්බෝගම පදිංචි එච්.එම්.විමලරත්න බණ්ඩා නම් පුද්ගලයකු පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. එම විමලරත්න නම් පුද්ගලයා තමන්ට පහර දීමට තැත් කළ බව කියමින් මන්ත්‍රීවරයා සහ ඇමැති ආරක්ෂකයන් දෙදෙනා ද පොලිසියට වෙනම පැමිණිල්ලක් සිදු කර තිබුණු බව පොලිසිය කියයි.
මන්ත්‍රීවරයා කළ පැමිණිල්ල අනුව විමලරත්න බණ්ඩා නම් එම පුද්ගලයා ද අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළේය. එම පුද්ගලයා ද රුපියල් ලක්ෂයක ශරිරි ඇපයක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළේය. අද ඇප නියම වූ ඇමැති ආරක්ෂකයන් දෙදෙනා වන්නේ පොලිස් සැරයන් (6667) කරුණාරත්න හා කොස්තාපල් (58179) සමන්තිලක යන දෙදෙනාදය.
සැකකරුගේ ප්‍රකාශය අනුව සිද්ධියට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිස්පති චක්‍ර ලේඛනයේ සඳහන් නෛතික ප්‍රතිපාදන අනුව කථානායක වෙත දැනුම් දිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතිබව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
පරාල ඇන ගහපු එකට නඩු නැද්ද?
ලෝක කපටියෙක් සහ රත්නපුර මොරගහයට පැත්තේ ව්‍යාපාරිකයෙක් වන මොහුගේ මස්සිනාට මෙයා ත්‍රිකුණාමලයේ මුහුඳ අයිනේ ආණ්ඩුවේ ඉඩම් වගයක් දුන්නා. වගකිව යුතු පුද්ගලයින් මේ ගැන විමර්ශනයක් කරන්න.
පුද්ගලයෙකුට පහර දුන්නා කියන්නේ පරාල ඇන වලින්ද? ඒ කේස් එක මතුවෙලාද?
කෙනෙකු අතින් වරදක් වුවත් ඒ සඳහා පහර දීමට කිසිඳු අයිතිවාසිකමක් කාටවත් නොමැත. විශේෂයෙන් ජනතා නියෝජිතයන් ජනතාවට සමීපව මානව හිතවාදීව ක්‍රියාකළ යුතුයි
මහජනයාගේ චන්දෙන් පත් වුනාට පස්සේ, මේ අය පාරේ යනකොට චන්දෙ දීපු අය කානුවට බැහැල මුන්ට පාරේ යන්ට ඉඩ දෙන්ට ඕනේ.
මෙතුමාගේ ඉතිහාස කතන්දර දන්නවනම් එ් අහිංසක මිනිසා සතුටු වෙයි ගුටි කාලා විතරක් බේරුන එක ගැන. මට පුදුමයි මෙතුමලා තාම යහතින් ඉන්නවා.ගොඩක් අයටනම් කලකම් ඵල දුන්නා.
ඒ වෙලාවේ සුසන්තගෙ වාහනේ ඇතුලෙ පරාල ඇණ, කඹ, යකඩ මිටි එහෙම තිබුණාද කියලා හොයා බැලුවොත් හොඳයි...
නාලන්ද එල්ලාවල ඝාතනයට සම්බන්ධ අයත් තවම නිදැල්ලේ...