IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


පුද්ගලයකුට පහරදුන්නැයි මන්ත්‍රී පුංචිනිලමේ අධිකරණයට ඉදිරිපත් කරන්න යයි

(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමලය අග්බෝපුර පදිංචිකරුවකුට පහරදුන්නේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා කතානායකවරයාගේ අවසරය ඇතිව අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය අද කන්තලේ මහේස්ත්‍රාත් උසාවියට දැනුම් දුන්නේය.
 
එම පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් නීතීඥවවරයන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කන්තලේ මහේස්ත්‍රාත් තිසානි තේනබන්දු මහත්මිය නියම කළාය.
 
සුසන්ත පුංචිනිලමේ මහතා සහ ඇමැති ආරක්ෂකයන් තමන්ට පහර දුන්නේ යැයි කියමින් අග්බෝපුර, අග්බෝගම පදිංචි එච්.එම්.විමලරත්න බණ්ඩා නම් පුද්ගලයකු පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. එම විමලරත්න නම් පුද්ගලයා තමන්ට පහර දීමට තැත් කළ බව කියමින් මන්ත්‍රීවරයා සහ ඇමැති ආරක්ෂකයන් දෙදෙනා ද පොලිසියට වෙනම පැමිණිල්ලක් සිදු කර තිබුණු බව පොලිසිය කියයි.
 
මන්ත්‍රීවරයා කළ පැමිණිල්ල අනුව විමලරත්න බණ්ඩා නම් එම පුද්ගලයා ද අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළේය. එම පුද්ගලයා  ද රුපියල් ලක්ෂයක ශරිරි ඇපයක් මත  මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළේය. අද ඇප නියම වූ ඇමැති ආරක්ෂකයන් දෙදෙනා වන්නේ   පොලිස් සැරයන් (6667) කරුණාරත්න හා කොස්තාපල් (58179) සමන්තිලක යන දෙදෙනාදය.
 
සැකකරුගේ ප්‍රකාශය අනුව සිද්ධියට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිස්පති චක්‍ර ලේඛනයේ  සඳහන්  නෛතික  ප්‍රතිපාදන අනුව කථානායක වෙත දැනුම් දිමට  අවශ්‍ය  ක්‍රියාමාර්ග  ගෙන ඇතිබව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (10)

පුද්ගලයකුට පහරදුන්නැයි මන්ත්‍රී පුංචිනිලමේ අධිකරණයට ඉදිරිපත් කරන්න යයි

පිටිගල මිලානෝ Wednesday, 23 January 2019 02:12 PM

පරාල ඇන ගහපු එකට නඩු නැද්ද?

:       0       171

saman rathnapura Wednesday, 23 January 2019 02:17 PM

ලෝක කපටියෙක් සහ රත්නපුර මොරගහයට පැත්තේ ව්‍යාපාරිකයෙක් වන මොහුගේ මස්සිනාට මෙයා ත්‍රිකුණාමලයේ මුහුඳ අයිනේ ආණ්ඩුවේ ඉඩම් වගයක් දුන්නා. වගකිව යුතු පුද්ගලයින් මේ ගැන විමර්ශනයක් කරන්න.

:       0       260

rocky Wednesday, 23 January 2019 02:17 PM

පුද්ගලයෙකුට පහර දුන්නා කියන්නේ පරාල ඇන වලින්ද? ඒ කේස් එක මතුවෙලාද?

:       0       92

Chanak los angeles Wednesday, 23 January 2019 06:35 PM

කෙනෙකු අතින් වරදක් වුවත් ඒ සඳහා පහර දීමට කිසිඳු අයිතිවාසිකමක් කාටවත් නොමැත. විශේෂයෙන් ජනතා නියෝජිතයන් ජනතාවට සමීපව මානව හිතවාදීව ක්‍රියාකළ යුතුයි

:       0       99

dias Thursday, 24 January 2019 02:26 AM

මහජනයාගේ චන්දෙන් පත් වුනාට පස්සේ, මේ අය පාරේ යනකොට චන්දෙ දීපු අය කානුවට බැහැල මුන්ට පාරේ යන්ට ඉඩ දෙන්ට ඕනේ.

:       0       115

ධනුෂ්ක Thursday, 24 January 2019 02:29 AM

මෙතුමාගේ ඉතිහාස කතන්දර දන්නවනම් එ් අහිංසක මිනිසා සතුටු වෙයි ගුටි කාලා විතරක් බේරුන එක ගැන. මට පුදුමයි මෙතුමලා තාම යහතින් ඉන්නවා.ගොඩක් අයටනම් කලකම් ඵල දුන්නා.

:       0       120

පෙරුමාල් Thursday, 24 January 2019 03:04 AM

ඒ වෙලාවේ සුසන්තගෙ වාහනේ ඇතුලෙ පරාල ඇණ, කඹ, යකඩ මිටි එහෙම තිබුණාද කියලා හොයා බැලුවොත් හොඳයි...

:       0       76

Vishwa Vidyala Shishyaya Thursday, 24 January 2019 03:58 AM

එල එල .......නියමයි

:       0       30

Lusena Thursday, 24 January 2019 03:07 AM

නාලන්ද එල්ලාවල ඝාතනයට සම්බන්ධ අයත් තවම නිදැල්ලේ...

:       0       62

Rathnapura ManThursday, 24 January 2019 04:03 AM

අනේ, මෙයා එහෙම මිනිස්සු පරලොව යවන කෙනෙක් නෙමෙයි (ත්‍රිමවිතන තමන්ගේ ඔලුවට ඇන ගහගෙන මලාට මේ අහිංසකයා මොනවා කරන්නද ?

:       0       114

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1067 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1093 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site