
(යොහාන් භාසුර)
පෞද්ගලික බස් රථවල ගාස්තු අය කරගැනීම සඳහා කාඩ්පත් ක්‍රමය ලබන ජනවාරි මස වන විට හදුන්වාදිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
කාඩ්පත් ක්‍රමය සඳහා මහ බැංකුවේ අනුමැතිය ලබාගැනීමට මහ බැංකුවලට යෝජනා ඉදිරිපත් කළ බව කී ගැමුණු විජේරත්න මහතා කොන්දොස්තර මහත්වරුන්ගේ හිඟයට පිළියමක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ද සඳහන් කළේය.
බස් රථයේ ඉදිරිපස පාපුවරුව අසළ කාඩ්පත් යන්ත්‍රය සවි කර මගීන් බස් රථයට ගොඩවන විට සහ පිටවන විට කාඩ්පත යන්ත්‍රයේ ස්පර්ෂ කර බැස යා යුතු බවත් එහිදී පිටු පස දොර වසා මගීන් ප්‍රවාහනය කරන බවත් ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැමුණු, ඇමරිකාවේ නම් ඕක පුළුවන් වෙයි ඔයා සභාපති උනාට බස් එකක ගිහින් තියනවද? ටකරමට තඩිබානවා වගේ සින්දු දාගෙන මග කොට කොට පිස්සු හැදෙනවා මිනිස්සුන්ට. හරි නම් මිනිස්සු බස් එකට නගින්න්නේ පිටිපස්සෙන්. බහින්නේ ඉස්සරහින්. මෙහෙ ඔය නීතිය කලොත් මිනිස්සුන්ගෙන් ගුටි කනවා. මොකද මැද ඉන්න මිනිස්සු පෙරළන් යන්න ඕන ඉස්සරහ දොරෙන් බහින්න. අපිත් දැන් අවුරුදු ගානක් යනවා බස්වල. ඒ යන්නේ හිතේ නිදහසකින් නම් නෙවෙයි. ඒ තරමට අප්‍රසන්නම සේවාවක් මේක.