(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60 දක්වා වැඩි කිරීමට අදාල ප්‍රතිපාදන ඇතුළත් පෞද්ගලික සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ  අනුමැතිය සඳහා ලබන මස 11 වැනිදා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කළේය.

එමෙන්ම එදින  ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ 1956 අංක 47 දරණ පනත යටතේ උපද්‍රවකාරි රැකියා ලැයිස්තු ගැසට් පත්‍රයේ නියෝග ප්‍රතිශෝධනය කිරීම සඳහා වූ යෝජනාවද පාර්ලිමේන්තුවේදී එදින අනුමත කර ගැනීමට නියමිතය.