(විනීතා එම් ගමගේ)
පවතින අවදානම්කාරි වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නවතන්නැයි හාම්පුතුන්ට උපදෙස් දෙන මෙන් රෙඩ් සංවිධානය ඇතුළු වෙළඳකලාප ආශ්‍රිතව වැඩ කරන ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ඉල්ලීමක් කර ඇත.
සති විසි අටට වැඩි ගැබිණි මවුවරුන්ට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් එය ඉතා අහිතකර තත්ත්වයකට යන බව විශේෂඥවරුන් පෙන්වා දී ඇති අතර රාජ්‍ය අංශයේ සේවය කරන ගැබිණි මව්වරුන් සේවයට නොකැඳවීමට රජය ගත් තීරණය ඉතා වැදගත් බවත් පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නැවැත්විය හැකි නම් එය ඉතා අගනා තීරණයක් වනු ඇති බව ද එම සංවිධාන කම්කරු අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් වේ.
පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි කාන්තාවන් ගැන කිසිදු අංශයක අවධානය මේ වනවතුරුත් යොමුවී නැතැයි ද එම සංවිධාන පවසති.
ඇතැම් ආයතන ගැබිණි කාන්තාවන්ගේ වැටුප් හා දීමනා කපා හැර ඔවුන්ගේ සේවය නැවැත්වීමට පවා මේ අවස්ථාවේ පියවර ගෙන ඇතැයි පෙන්වා දෙන එම සංවිධාන නේවාසිකාගාරවල දී සමාජ දුරස්ථභාවය තබා ගැනීමට කිසිසේත්ම ඉඩ කඩක් නොමැති වීම සමහර ගැබිණි මවුවරුන් මුහුණ දී ඇති ප්‍රශ්නයක් බවත් පෙන්වා දෙයි.
එමෙන්ම බොහෝ ආයතන මේ වනවිට සිදුකරන්නේ ආසාදිතයා පමණක් සේවයෙන් බැහැර කිරීම පමණක් වන බැවින් කම්හල් තුළ සේවය කරන ගැබිණි මවුවරුන් අවදානම් තත්ත්වයේ පසුවන බවද ඔවුහු පෙන්වා දෙති.
ඩාබිඳු සාමූහිකය,ශ්‍රමාභිමානි කේන්ද්‍රය, ජනකලන සමාජ අසපුව, සවිස්ත්‍රි ජාතිකකාන්තා ව්‍යාපාරය, සමාජ සාධාරණත්වය උදෙසා කාන්තා ක්‍රියාකාරිත්වයයන සංවිධාන මෙම ලිපියට අස්සන් කර ඇත.
COMMENTS
කවුරුත් ඉල්ලීම් කරන්න කලින් මේ රටේ කම්කරුවන්ගේ අවදානම පිළිබඳව සොයාබැලීමක් කම්කරු ඇමතිවරයාට තියෙනවා. අවාසනාවකට අපට ඉන්නේ පාර්ලිමේන්තුවේත් නිදාගන්න ඇමති කෙනෙක්. අවම වශයෙන් කම්කරු අමාත්‍යාංශ ලේකම්තුමාවත් මේ ගැන කටයුතු කලොත් හොඳයි.
ආණ්ඩුවෙන් නිවාඩු දෙන්න කිව්වත් පොලොන්නරු රෝහලේ ගැබිනි අම්මලාට නිවාඩු දීලා නෑ. ඔබේ වාර්තාකරුවන් හරහා මේ පිළිබඳව රටට හෙලි කරන්න..