කේ බුද්ධික කුමාරසිරි
පාදුක්ක අංගම්පිටිය මැටිඔළුව ප‍්‍රදේශයේ නිවසක තිබී රුපියල් මිලියන 13 ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 1100 ක ප‍්‍රමාණයක් සමඟ හයිබ්‍රිඩ් සුද්දා නැමැති සැකකරු අද (18) සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් ද නවීන මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගත් බව එම කොට්ඨාස කියයි.
සැකකරු විසින් මෙම නිවස කුලී පදනම මත ලබා ගෙන තනිවම එහි වාසය කරමින් හෙරොයින් ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවත් මෙම සැකකරු දැනට මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ ගෝලයකු බවද අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd