“මට පුතකුත් දුවකුත් ඉන්නවා. මා මෙතෙක් කල් ජීවත් වුණේ මගේ පුතා ළඟ. පුතා මා බසයක නංවාගෙන ඇවිත් පාරේ දමා ගියා” යැයි රත්ගම, රිලඹ හන්දියේ කාත්කවුරුත් නැතිව අතරමංව සිටි 68 හැවිරිදි මවක් පැවැසුවාය.
තමාට එක් දියණියක් සහ එක් පුතකු සිටින බවත් මෙපමණ කලක් බණ්ඩාරගම පිහිටි පුතාගේ නිවසේ ජීවත්වූ බව ද ඇය පවසන්නීය.
මෙම මවගේ අත් පා වල පිළිස්සුම් තුවාල ද දැකිය හැකි බව ද රත්ගම ප්‍රදේශවාසීහු පවසති.
පුතා ගොවිතැන් කරමින් ජීවත් වන අතර දියණිය විවාහ වී වෙනත් පළාතක ජීවත් වන බවද ඇය පවසයි.
රත්ගම ප්‍රදේශවාසී තරුණයන් පිරිසක් මෙම මවට ආහාරපාන සපයා ඇති අතර අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා රත්ගම රජයේ රෝහලට ඇතුළත් කිරීමට රැගෙන ගියත්, ඇය ඇතුළත් කරගැනීම රත්ගම රෝහලේ නිලධාරීහු ප්‍රතික්ෂේප කර ඇත.
අප මේ සම්බන්ධයෙන් රත්ගම රෝහලේ ස්ථාන බාර වෛද්‍යවරයාගෙන් කළ විමසීමකදී මෙම රෝගියා ඇතුළත් කිරීමට බාරකරුවකු නැහැ. ඒ නිසා මෙම රෝගියා රෝහලට ඇතුළත් කර ගත්තේ නැහැ යැයි පැවසීය.
COMMENTS
බලධාරියෝ භාරකරුවෙකු නැහැ කියා ලෙඩෙක්ව මැරෙන්න අරිනවද රෝහලට භාර ගන්නේ නැතුව
මේ සිංහල අපගේ රටයි
භාරකරුවෙක් නැත්නම් රෝහලකට බාරගන්නේ නැද්ද? මේ කෙනා රටේ පුරවැසියෙක් නෙමෙයිද? එතකොට නිදහස් සෞඛ්‍ය සේවාව විහිලුවක්ද?
ආදරයේ උල්පත වූ අම්මා ../// මා ඔබගේ පුතු වූ..// පසළොස්වක සද වාගේ එලිය ගෙනෙනවා..// මගේ අම්මා මට ජිවන සුවය සදනවා..// අම්මා ගැන ගායන කර ඇති සුන්ද ගීතාවලි ගීත දෙකක පද කීපයක් සදහන් කලේ මෙම පුතුට එම ගීතවලින් එකක් හෝ ශ්‍රවනය කිරීමට හැකි වේවා යන බලාපොරොත්තුවෙනි.
භාරකරුවෙකු නැතැයි කියා රෝගියෙකු රෝහලට ඇතුලු කිරීම ප්‍රතික්ෂේප කිරීම තුච්ඡ ක්‍රියාවක්.
බෞද්ධ රටේ මෙහෙමත් වෙනවනේ...
කෙනෙකුට කාත් කව්රුත් නැතිනම් රෝහලකින් ලෙඩකට ප්‍රතිකාර ගත නොහැකිද?
රටපුරා අමනුෂ්‍ය කම පිරිලා .ඒ උනාට උදේ හවස ඇහෙන්නේ පිරිත් බණ.
මෙවැනි දේ අසන්නට ලැබෙන රටක ඉපදීමත් මහා පවක්.
අපේ රටේ දොස්තරලට ජීවිතයක වටිනාකම කවද්ද තේරුනේ?
සඳ වට රන් තරු කැකුළු පිපේව පොළවෙහි මිනි මුතු කැට බිහි වේවා පුතෙකුට අම්මගේ අගය දැනේවා
මේ ප්‍රංශ රටේ කිසිම භාරකාරයෙක් නැතිව ඕනැම ඉස්පිරිතාලයකට ඇතුලත් විය හැක. මේ අම්මා රෝහලට ඇතුලත් කර නොගැනිම පිලිබද නිතිමය පියවර ගන්න බැරිද.