( +++ ජයන්ත සමරකෝන්)
රිමාන්ඞ් බාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේදී පොත්පත් හා දිනපතා සතිපතා පුවත්පත් කියවමින් විවේකව ගත කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
සිරවාට්ටුවේ ඇති ලී බංකුවක වාඩිවී ඔහු මෙලෙස සිය දෛනික දිවිය පවත්වාගෙන යන බවද පැවසේ.
ඉඳහිට නිලධාරීන් සමඟ වචනයක් දෙකක් කතා කරන ඔහුගෙන් නිලධාරීන්ටත් නිලධාරීන්ගෙන් ඔහුටත් කිසිදු බාධාවක් සිදු නොවන පරිදි හැසිරෙන බවද දැන ගන්නට තිබේ.
නිදා ගැනීමට මෙට්ටයක් ලබාගැනීම හැරුණු විට හිටපු අමාත්‍යවරයා වෙනත් කිසිදු ඉල්ලීමක් කර නැතැයිද දෛනික ආහාරපාන පිටතින් රැගෙන එන බවද එහි නිලධාරීහු පවසති. හිටපු අමාත්‍යවරයාගේ සැපදුක් විමසීම සඳහා ජාතික හෙළ උරුමයේ උප සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන මහතා සහ හිමිවරුන් වහන්සේලා පිරිසක් ඊයේ පෙරවරුවේ (23) රිමාන්ඞ් බන්ධනාගාරය වෙත පැමිණ ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු පව් මතක් කරගන්න හොද වෙලාව. ඒ වගේම ඉදිරියට කරන්න තියෙන පව් සැලසුම් කරගන්නත් හොද වෙලාව.
දේශපාලකයන් සියල්ලම අවුරුදු 5ක් විතර පොත් ටිකක් දීලා සිරගත කළා නම් එළියට එනකොට යමක් ඉගෙනගෙන ඒවි..
වෙනත් දෙපාලකයෝ හිරේ ගියාම ඉන්නේ බන්ධනාගාර රෝහලේ. ඔබතුමා එතනත් දුන්නේ ආදර්ශයක්.
අනිත් වැඩ වලට යන්න බැහැනේ....ගේට්ටු දාලා මුරකාරයෝ ඉන්නවනේ....
නැතුව මොන බම්බුවක් කරන්නද?
Rasi, මහපොළොවේ රැඳෙන්න වටින්නේ නැති අපරාධ කරපු ගොයියලා සුදු ඇඳගෙන අගේට වැජඹෙනවා. නමුත් ඔබ වැනි අයට පෙනෙන්නේ බන්ධනාගාර රෝහලට යන්නවත් ඉල්ලුවේ නැති මේ හාදයාවයි. මම කියන්නේ නෑ මෙයා නිවැරදියි කියලා.
නැතුව ගේම් ගහන්න හම්බවෙන්නේ නැහැ.