( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.
නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම මෝසම ගොනු කර ඇත.
නීතිඥ ලක්සිරි මහතා අධිකරණය හමුවේ සිය මෝසමෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් පිළිබඳ තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවට ජනමාධ්‍ය ඔස්සේ පුවත් පළ වී ඇති බවයි.
මෙවැනි ඉල්ලීම් කිරීම තුළින් අදාළ නඩුවේ විභාග කටයුතු වට අගතියක් සිදුවන බවයි නීතිඥ අරුණ ලක්සිරි මහතා කියා සිටින්නේය.ජනාධිපතිට මෙවැනි ඉල්ලීමක් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටෙත් විශේෂ අර්ථ නිරූපණයක් පිළිබද කරුණු විමසීමක් හරහා පමණක් බවද ඒම මෝසමේ සඳහන්ව ඇත.
එම නිසා මෙම නඩුව පිළිබඳව ස්වාධීන ලෙස විභාගයක් පවත්වා සුදුසු තීන්දුවක් ලබාදෙන මෙන් ද නීතිඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත
COMMENTS
අධිකරණය ස්වාධීන උනත්, නීතියේදී උතුම්ම ස්ථානය උනත් මේ වෙලාවේදී අධිකරණ තීරණය ප්‍රමාද වන්න වන්න රට අගාධයට යනවා. එක සමහර අපේ අයට තේරෙන්නේ නෑ.. රටක් විනාස වුවාට පසු පොතේ තියෙන නීති වලින්, ව්‍යවස්ථාවෙන් , පාර්ලිමේන්තුවෙන්, විධායකයෙන් ඇති පලක් නැත..
ජනාධිපති ගහන ගහන ඇණේට මිටි පහර වදිනවා.
තීන්දුව ඉක්මන් කරන එක වැරදිද?
මොකක්ද මේ මිනිසුන්ට වෙලා තිබෙන්නේ?
අධිකරණය හොදට හිතලා බලලා තීරණයක් දේවි. කලබල වෙන්න එපා .
කොහොමත් උගත් අත්දැකීම් අැති විනිසුරු මඩුල්ල සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙනකම් ඕක නිකුත් කරන්නෙ නැහැ.
මේ ජනාධිපති රටටත් ව්‍යවස්ථාවටත් කළ හැකි හානි සේරම කරල, අවසානයේ ඉතා පහත් වෙලා තමයි ගෙදර යාවි.
පුදුම ගැසට්, පෙත්සම්, මෝසම්. ලංකාව ඉදිරි අනාගතයේදීත් දියුණු වෙමින් පවතින රටක් මිස දියුණු වූ රටක් නොවන්නේය, එය පුදුමයක් ද නොවේ !
ලක්සිරි මහතා ඔබ හරි ..
ගරු අධිකරණය මේ අවස්ථාවේ ක්‍රියාකරන පිළිවෙත ගැන රටේ පුරවැසියෙක් හැටියට මා සෑහීමකට පත් වෙන්නැ. මේ තරම් රටේ ව්‍යාකුල තත්වයක් ඇතිවී තියෙද්දී අධිකරණය නිහඬ වී සිටීම නිසා රටේ පුරවැසියෝ ඉතා අසීරුතාවයකට පත්වෙලා
රට අස්ථාවර වන ලෙස තීන්දුව ලබා දීම තව දුරටත් පමා කරන්නේ නම් ඒ අධිකරණය ජනතාවට පලක් නොවන බව කිව යුතුය
පළමුව සිතිය යුත්තේ අද රට ඇදවැටී ඇති අභාග්‍ය සම්පන්න අවස්ථාව ගැනය. රට මෙහෙම ගියොත් ඉතා ඉක්මනින් අරාජික වී අවනීතිය රජ යයි. මේ අවුල් ව්‍යවස්ථා සංශෝධන වලට සහය පලකල සියල්ලට තමන්ගේ පවුල් වලින් වන්දි ගෙවන්නට සිදුවේවි. මේ වෙලාවේ කලයුත්තේ හැකි ඉක්මනින් මහා මැතිවරණක් කරා යෑම පමණි !!
ඡන්දයකට යමු. ප්‍රශ්න ඔක්කොම විසදෙයි.
මේ ජනාධිපති පත්කළ හැට දෙලක්ෂයේ දෝංකාරය..
දැන් සනීපද ?
හිටපු අගමැති රටටත්, ව්‍යවස්ථාවටත් කළහැකි හානි සේරම කරලා, අවසානයේ ඉතා පහත් වෙලා ගෙදර යාවි.
ලේක්හවුස් ප්‍රින්ටර්ස් පී.එල්.සී. ආයතනයේ ප්‍රධාන කොටස් හිමියකු ලෙස හිඳිමින් රජයේ ආයතන සමග ව්‍යාපාර කර ලාභ ලබාතිබීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ හා රුවන් විජේවර්ධන මහතාගේ මන්ත්‍රී ධුර අහෝසිවීමේ තත්වයක් උද්ගතව ඇති බව ඒ සම්බන්ධයෙන් වන පෙත්සම් විභාගයක් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පෙනී යයි..
අනේ පුලුවන්නම් මාස 6 , අවුරුද්දක් විතර පස්සේ තීන්දුවක් දුන්නට කමක් නැහැ . මොවුන්ට සහ වන්දිබට්ටයන්ට ගෙවනඅ වැටුප් දීමන නවතිනවා. අවුරුදු ගාණක් ඇදගෙන ගියොත් රටේ ණය බරිනුත් ගැලවෙන්න පුළුවනි .?
මහා ඡන්දයකට යන්න බයේ වගේ ..............
ඇයි මෙච්චර මිනිස්සු ප්‍රජාතන්ත්‍රවදය විකුණමින් ඔහුව රකින්න හදන්නෙ? ඇත්තටම මෙයා මේ රටට හොඳක් කරල තියනවද? එහෙමනම් මොනවද ඒ දේවල්?
ගෙදර ගියාට අපිට කමක් නැ. කලබලේට කිසිදු ජනවරමක් නැතිව අලුත් ව්‍යවස්ථාවක් ගෙනාව නම් වෙන හානිය හිතාගන්නත් බැහැ .ඒක නිසා මේ වුන දේ රටට යහපතක් .
ඇයි පස්ස දොරෙන් අගමැති කෙනෙක් පත් කළේ..?
මගේ බඩ අවුල්.. මම මෝඩයෙක්මි.
ඇත්තෙන්ම කියනවා නම්, අපි නම් දැනටමත් හිතාගෙන ඉන්නේ අපේ රටේ ජනාධිපති කෙනෙක් නැහැයි කියලයි. හොඳින් හෝ නරකින් ලෝකයේ රටවල් පාලනය කළ ජනාධිපතිවරු ගැන අපි අසා තිබුණත්, උන්මන්තක ජනාධිපතිලා ගැන මින් පෙර අසා නැහැ. ඒ නිසා අපි අපේ රට ලෝකයා ඉදිරියේ හෑල්ලුවට ලක් නොකර සිටින එක තමයි වඩා හොඳ? යන යන තැන නාහෙන් අඬන ජනාධිපතිලා කුමකටද, රටකට?
අලියෙකු විසින් වටුවෙකු රජබවට පත් කලත්, වටුවාට කිසි විටෙකත් අලියෙකු මෙන් කටයුතු කල නොහැකි බවත්, වටුවාගේ, ස්වභාවය හා පරිමාව අවබෝධ කර නොගත් වටුවා, අවසානයේ අලියෙකු ඉදිරියේ ඔහු වටුවෙකුම බව දැන්වත් මේ වටුවා තේරුම් ගත යුතුයි. රටටත් රටේ ජනතාවටත්, පව් නොදී! තම නැණ පරිමාව හරිහැටි හඳුනා නොගෙන අනුන්ගේ පදයට නටා නට්ටන් වෙනවාට වඩා තමන් දන්නා නැටුමක් නටාගෙන සිටියා නම්, මේ කිසි කලබැගෑනියක් ඇති වන්නේ නැහැනේ...
රනිල් මොනවද අපේ රටට කරලා තියෙන්නේ ?