(ඉන්දිකා රාමනායක)
වත්තල ශ්‍රී සම්රිබිෂන් අයියප්පන් දේවාලය ඉදිරිපිටදී ඉකුත් ජනවාරි 13 වැනි දින ගිනි අවිවලින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
කොළඹ 13, ජම්පටාවීදියේ අංක 128/8 හි පදිංචිව සිටි බාලචන්ද්‍රන් පුෂ්ප රාජා හෙවත් පුකුඩිකන්නා, කොළඹ 13, ජම්පටා වීදියේ අංක 131/52 නිවසේ හා අම්මාන් කෝවිලඅඩි, අම්මාන්නගර් පූන්තෝට්ටම්, වව්නියා යන ලිපිනවල පදිංචිව සිටි ස්ටැන්ලි කෙනඩි ප්රනාන්දු හෙවත් බුම්මා නැමැති සැකකරුන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටී.
ඉහත අපරාධ මෙම සැකකරුවන්ගේ සැලසුම මත සිදුව ඇති බවට පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.
මොවුන් දෙදෙනා කොළඹ හා වත්තල ප‍්‍රදේශවල සැරිසරන බවට විමර්ශනවලදී හෙළි වී ඇති බවත් එම නිසා මොවුන් අත්අඩංගුවට ගැනීමට සඳහා පොලිසිය මහජන සහය පතා ඇති බවද රුවන් ගුණසේකර මහතා පවසයි.
මොවුන් දෙදෙනාගේ සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් කැලණිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරිවරයාට - 0718591589 හෝ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට - 0777594258 දැනුම්දිය හැකිය.

• ස්ටැන්ලි කෙනඩි ප්රනාන්දු හෙවත් බුම්මා නමැත්තා

• බාලචන්ද්‍රන් පුෂ්පරාජා හෙවත් පූකුටිකන්නා නමැත්තා
2025 දෙසැම්බර් මස 04
388
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
441
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
407
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාතාල සාමාජිකයන් දෙදෙනෙකු සොයන්න මහජන සහය පතයි