IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුත්තලම මන්ත්‍රී ශාන්ත කුමාර යළි රිමාන්ඩ්

(ඔගස්ටින් ප්‍රනාන්දු)

         

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර කුමාර අබේසේකර නොවැම්බර්  5 වැනිදා දක්වා රක්ෂිත බන්ධකාගාර ගත කිරිමට හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය අද ( 17 ) නියෝග කළාය.

හලාවත මහාධිකරණය විසින් නියම කර තිබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරිමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

2004 වසරේ අයුතු ජනරාශියක සාමාජිකත්වය දරමින් නීති විරෝධිව ගිනි අවියක් සහ ජීව පතරොම් තොගයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා නගමින් මන්ත්‍රිවරයා ඇතුළු පුද්ගලයන් තුන් දෙනෙකුට එරෙහිව නඩුවක් හලාවත මහාධිකරණය හමුවෙහි පවරා තිබිණි.

පසුව 2011 වසරේ මාර්තු මස 21 වන දින සැකකරුවන් හලාවත මහාධිකරණය මගින් ඇප මත මුදා හැර තිබිණි. එම ඇප කොන්දේසි මත සැකකරුවන් සෑම ඉරුදිනකම පෙරවරු කාලයේ දි හලාවත පොලිසිය හමුවෙහි වාර්තා කළ යුතුව නියම තිබු අතර පසුව එම කොන්දේසිය ලිහිල් කරමින් සෑම මසකම අවසන් ඉරුදින හලාවත පොලිසියට වාර්තා කිරිමට නියම කර තිබිණි.

මෙම නඩුව යළි පසුගිය 10 දා  හලාවත  මහාධිකරණය හමුවෙහි විභාගයට ගත් අවස්ථාවේ දි සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අවස්ථා හතරක දි මහාධිකරණය විසින් නියම කරණ ලද පොලිසියෙහි පෙනි සිටිය යුතුය යන කොන්දේසිය අවස්ථා හතරක දි කඩ කර ඇති බව හලාවත පොලිසිය අධිකරණය වෙත වාර්තා කර තිබු බැවින් ඔහු මේ මස 17 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියම කළාය .

රජයේ අධිනිතිඥ අසංග රෙමන්ඩිස් මහතා පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර නිතිඥ නිහාල් සුමනධිර නිතිඥ අනුර මැද්දේගොඩ නිතිඥ නුවන් ජයවීර නිතිඥ නිශාදි කන්නන්ගර යන මහත්ම මහත්මීන් සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටියහ.



අදහස් (2)

පුත්තලම මන්ත්‍රී ශාන්ත කුමාර යළි රිමාන්ඩ්

sisira Thursday, 17 October 2019 09:10 AM

අනේ මේකත් අර හලාවත පැත්තේ ඇමති පුත්තරයාගේ වොඩ්කා වතුර වුණා වගේ සෙල්ලම් තුවක්කු වෙයිද දන්නේ නැහැ. අනික මේ යහපාලන ඇත්තෝ ගිනි අවි පරිහරණය කරන්නේ නැහැ නේද තව අතකින් බැලුවම ආර්.පී ගේ කාලේ භීෂණය අායෙත් එයි කියලා හිතලා ලෑස්ති වෙනවද දන්නේ නැහැ. මොකද පුත්තරයා කියනවනේ පිය නතර කරපු තැන ඉඳන් පටන් ගන්නවා කියලා බයයි නේද...?

:       27       275

Mahee Thursday, 17 October 2019 10:19 AM

2004 සිද්ධියකට 2011 නඩු පවරලා 2019 දී නඩුව අහනවා. කොයි තරම් වේගවත්ද? ඔහොම ගියොත් 20 වැනි සංවත්සරයේදී ඒ කියන්නේ 2024 දී මේ නඩුව ඉවර වෙන්න ඉඩ තියෙනවා නොවැ. අපොයි දෙයියනේ!

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 415 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site