
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ගසක් කඩා වැටීමෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමනාගමනය මාදම්පේ ප්‍රදේශයේ දී පැයකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන් නැවතී ගිය බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඒ.එම් .ආර්.එන්.කේ.අලහකොන් මහතා පැවසීය.
අද (9) උදෑසන දැවැන්ත මාර ගසක් මෙසේ මාර්ගය වසා දමමින් කඩා වැටී තිබේ.
පසුව මාදම්පේ පොලිසිය හා ප්‍රදේශවාසීන් පැවති වර්ෂාව ද නොතකමින් ගස කපා ඉවත් කිරිමට දැඩි වෙහෙසක් ගෙන තිබූ බව ආපදා කළමනාකරණ ඒකකය කියයි.
ගස කඩා වැටීමත් සමඟ නැවතී තිබු ගමනාගමනය පැයකට පසුව යථා තත්වයකට පත් කිරිමට හැකිවූ බව සහකාර අධ්‍යක්ෂවරයා කියයි.
තවමත් පවතින වර්ෂාව හේතුවෙන් මාර්ග ජලයෙන් යටවී දෛනික කටයුතුවලටද බාධා එල්ල වී තිබේ.







2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුත්තලම-කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි