IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුත්තලම කලපුව වනසා තහනම් තල්ලු දැල් දැමු ධීවරයෝ 9 ක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම කලපුවේ නීතිවිරෝධි ආකාරයෙන් තල්ලු දැල් උපයෝගී කරගනිමින් මසුන් අල්ලමින් සිටි ධීවරයින් 9 දෙනෙකු අද (13) අත්අඩංගුවට ගත් බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකාර ධීවරයින් කරඹ, පුත්තලම, පුරිදිවාසල් යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මොවුන් කලපු පරිසර පද්ධතියට හානි කරමින් තහනම් තල්ලු දැල් උපයෝගී කරගනිමින්  මසුන් ඇතුළු ඉස්සන් අල්ලමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කියයි.

1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් ආඥා පනතේ තහනම් කර ඇති තහනම් පන්න ක්‍රමයක් වන මෙම තහනම් තල්ලු දැල් කලපුව තුළ භාවිතා කිරීම හේතුවෙන් ජලජ පරිසර පද්ධතිය දැවැන්ත ලෙස හානියට පත්වන බව ධීවර නිළධාරින් කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර ධීවරයින් හා මොවුන් සන්තකයේ තිබූ තහනම් තල්ලු දැල් තොගය ධීවර නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙහි වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්න බව කියයි.

සැකකාර ධීවරයින් ධීවර බැදුම්කර මත මුදා හැරීමට ධීවර පරික්ෂක කාර්යාලය කටයුතු කර ඇති අතර, මේ මස (18) වන දින පුත්තලම අධිකරණයට පෙනී සිටීමට නියෝග කර තිබේ.

 



අදහස් (0)

පුත්තලම කලපුව වනසා තහනම් තල්ලු දැල් දැමු ධීවරයෝ 9 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site