







(එච්. චන්දන)
ශ්රී ලංකා පොලිසියේ 154 වැනි සංවත්සර දිනය අද(03)ට යෙදී තිබීම නිමිත්තෙන් පුත්තලම පොලිස් කාර්යාලයේ හා මූලස්ථාන පොලිස් නිලධාරින්ගේ සභාගීත්වයෙන් පුත්තලම කලපුව පිරිසිදු කිරීමේ හා කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහනක් ක්රියාත්මක කෙරිණි.
පුත්තලම කලපුව පිරිසිදු කළ පොලිස් නිලධාරීහු අනතුරුව, කලපුවට ආවේණික කඩොලාන පැළ 50 ක් එහි සිටවූහ.
මේ දිනවල පුත්තලම දිස්ත්රික්කයේ විවිධ ස්ථානවල කඩොලාන ශාඛවලට හානි කරන අවස්ථා වාර්ථා වන බැවින් මෙලෙසින් කඩොලාන ශාක සිටුවීමට තීරණය කළ බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. "දේශපාලකයිනි, අත නොතබනු" කියලත් බෝඩ් එකක් දැම්ම නම් හොඳයි දැන්මම.
මේවාට තමයි නරි නාටක කියන්නේ. තියෙන කඩොලාන කැලේ විනාශ කරන්න ඉඩ හැරලා, ඒ විනාශකාරී පාපතරයන් නිදැල්ලේ සිටිද්දී මෝඩයින්ව සතුටු කරන බොරු සෝබන රංගන... මේවාට අපි ඉතින් කොහෙන් හිනා වෙන්නද?
බොහොම හොද සත්ක්රියාවක් සහභාගී වූ සැමට යහපතක්ම වේවා !!!!!
හොඳ වැඩක්, නමුත් හිතන්න බැහැ එක පැලයක්වත් හැදේවි කියලා.