(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දින දෙකක් තිස්සේ පැවැති තද වර්ෂාව හේතුවෙන් පුත්තලමේ පවුල් 3013 ක පුද්ලගයින් 11115 ක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම වැඩ බලන දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර වික්‍රමසිංහ මහතා පවසයි.

මෙසේ පිඩාවට පත්ව ඇත්තේ නාත්තන්ඩිය ,මහවැව ,වෙන්නප්පුව ,මාදම්පේ , පල්ලම, වනාතවිල්ලුව, කරුවලගස්වැව, මහකුඹුක්කඩවල, හා මුන්දලම හා පුත්තලම ප්‍රාදේශීය ලේකම් වසම් තුළ පදිංචි පවුල් 3031 ක් බව කියයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ජලාශ හා වැව් සියල්ලම මේ වන විට වාන් දැමීමත්ස මග මෙසේ ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.

බොහෝ ප්‍රදේශ වල නිවාස අඩි තුනකට වැඩි ජල කදක් පැමින ජනතාව මෙසේ පිඩාවට කල්කර තිබු අතර නිවාස වල තිබු විදුලි උපකර හා ගෘහ භාණ්ඩ ආරක්ෂා කර ගැනිමට මහත් වෙහෙසක් ගෙන තිබුනී.

මෙම පිරිස වෙනුවෙන් අදාල සහන කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් සිදුවන බව පුත්තලම වැඩ බලන දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රධාන හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවි තිබිමේ නිසා ගමනා ගමනයට  බාධා එල්ල වි තිබු බව කියයි.